ලංකාවෙ විදුලිරථ වෙනරටවල මෙන් වේගයෙන් ජනප්‍රිය නොවුනේ ඇයි!

2022 වෙනකොටයි විදුලි වාහන වල මිල ඉන්ධන වාහන වලට වඩා අඩුවෙන්නෙ වෙනත් රටවල. නමුත් ලංකාවෙ මුල ඉඳලම එහෙමයි අතරමැද පොලු වැටුනට.

ඒ කොහොමද? බොහෝ රටවල වාහනවලට බදු නැහැ! නමුත් අපේ බදු ගොඩක් වැඩියි, ඉතින් EV වලට ආයෝජනය කරන මුදලට වැඩි වටිනාකමක් ලැබුන. වෙන රටවල්වල මේ වෙනස පාලනය කරන්න සහනාධාරත් දෙන්න වුනා. ඒත් EV ලෝකේ වෙන රටවල වගේ ජනප්‍රිය නොවුනේ ඇයි?                                                                                                            පොතේ විදියට බැලුවොත් EV වලට ලංකාව හුඟක් හොඳ රටක්.

4-million-EVs_globally-chart-3

අපේ දවසක දිගම ගමනක් කිලෝමීටර් 100 ට වැඩි වෙන්නේ කලාතුරකින්, රෝඩ්ට්‍රිප් එකක් යද්දී, එහෙම නැත්නම් ව්‍යාපාර වලදී. අපේ පාරවල් වල පිහිටීම, කඳු සහ පල්ලම් පුනර්ජනනීය තිරිංග වලට වාසි දායකයි.

නෙට් ගෙවීම් ක්‍රම සහ සූර්ය බල පද්ධති අනුව ඉන්ධන මිල බිංදුවයි. ඕෆ් පීක්‌ අය ක්‍රමය අනුව තවත් වාසියි. නමුත් පරිසර උෂ්ණත්වය? මේකත් අපිට නරකට බලපෑවේ.

ක්‍රියාකාරී සිසිලන ක්‍රමයක් නැති ලීෆ් බැටරියේ උෂ්ණත්වයට වැරැද්ද පැටෙව්වා මිසක් ඒ වෙනුවෙන් අපට කළහැකි දේ අපි නොකළ නිසා. මේක හොඳටම පේනවා දැන් දැනුවත් වෙලා ඉන්නා ලීෆ් හිමිකරුවන් බැටරියේ අග ටිකෙන් ගන්න ප්‍රයෝජනය වැඩි නිසා.

යටිතල පහසුකම්..මේක කොයි රටෙත් එකයි, පහසුකම් වැඩිවුණේ වාහන ප්‍රමාණය වැඩිවීමත් එක්ක. අපේ පොඩි රටට යන්තම් පිරිමැහෙන ආරෝපණ මධ්‍යස්ථාන ප්‍රමාණයක් තිබුන. අලුත්වැඩියාව අතිනුත් යම් ගැටළු තිබුනත් සෑහෙන විසඳුම් ලැබුනා..ICE වල වුනත් ගැටළු තිබුනා ඒ ඇති බැලුවොත්.

අලුතෙන්ම විදුලි වාහන නියෝජිතයෙක් හරහා ආවේ ශිෆෙන්ග්. වැඩි මිලක් වුනෙත් නැහැ, ඒ මිලට නොවටිනා කාරෙකකුත් නෙමෙයි. නමුත් අපි මරුටි 800 ගාන ගෙවන්න බෑ කිව්වා, උඩට ආවේ නැහැ.

ඊළඟට ලීෆ් අලුත්ම වගේ කාර් ආවා 2014 ඉදන්. ලංකාවේ විකිණුනා ඇයි? සමාන ඉන්ධන වාහනවලට වඩා මිල අඩු නිසා. 2015 නොවැම්බර් වල ඉඳන් මිල වැඩිවුනා විතරයි අපි ඒවා ගත්තෙ නෑ.

ඔය එක්කම BMW i3, i8 ආව. i8 වෙනම තියමු, නමුත් i3 වුනත් පනහක් පන්නන්න බැරිවුනා නියෝජිතයාට, සමාන ICE කාරෙකකට වඩා මිල අඩුවුනත්, අන්තිම ටික වික්කේ සේල් දාල.

2018 දී e2o ගෙනාව මහින්ද්‍රා. නමුත් ඒක ලොතරැයි හරහා වැරදි කණ්ඩායමකට දීල මුලින්ම වැඩේ අනාගත්ත. දුර බැලුවෙ නැහැ!

දැන් MG eZ ඇවිත් තියනවා, ඒක අපි ඉල්ලන්නේ සමාන ICE එකට වඩා අඩුවෙන්. ඊළඟට Hyundai KONA, ප්‍රධාන ප්‍රවාහයේ නිෂ්පාදකයෙක් සමාන ICE වාහනයට වඩා අඩුවෙන් මිළ කරපු ප්‍රථම වාහනය හදුන්වලා දීල අපිට.

ලෝකේ වෙන තැන්වල මෙහෙම වුනාම ගෙවන්නේ පෝලිමේ ඉඳල, අවුරුද්දකින් දුන්නත්.

ඊළගට iPace සහ Taycan. මේ දෙක නම් වැටෙන්නේ වෙනම කාණ්ඩයකට. මේ අවුරුද්ද ඉවර වෙනකොට ඒවත් අපිට දැකගන්න පුලුවන්වෙයි අපේ පාරවල්වල.

තව කිව්වොත් 2018 ලීෆ් එකක් දැන් සමාන ICE වාහනයකට වඩා 10% අඩුවෙන් ගන්න පුළුවන්, ඒත් ගන්නේ ඉතා සුළු පිරිසක්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ….නැවත විකිණුම් මිළද? ඔව් කිව්වොත් බොහෝ දුරට හරි.

නමුත් ප්‍රශ්නය අපි නැවත විකිණුම් මිළ හරියට ගණනය කරනවාද කියන එකයි.

තව හේතු කීපයක්මත් තියනවා ( බලන්න විදුලි වාහනයක් ගමුද ලිපිය)

කොහොමද නැවත විකිණුම් මිල හරියට ගණනය කරන්නේ ( Resale Value)?         කොහොමද කිලෝමීටරයකට ධාවන වියදම හොයන්නේ (CPK – Cost per Km)?         වාහන හිමිකමේ පූර්ණ වියදම කියන්නේ මොකද්ද (TCO – Total Cost of Ownership)? ඊළඟ පෝස්ට් එකෙන් ඒවා ගැන කතාකරමු.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.