EV බැටරියෙන් දිගුකලක් වැඩගමු.

හුඟදෙනෙකුට විදුලිරථයකට ආයෝජනය කිරීමේදී හිතෙනදෙයක් බැටරිමිල.මේකඅනවශ්‍ය බයක්විදියටයි අපි දකින්නේ.

නමුත් එහෙම හිතන්න හේතුවක් නැතුවම නෙමෙයි. ලීෆ් බැටරි ප්‍රශ්නෙට තවම විසදුමක් හරියට නෑ, නමුත් ආරක්‍ෂිත සහ සාධාරණ විසඳුමක් ලැබෙයි අප හා තවත් කිහිප දෙනෙක්  ඒ ගැන ක්‍රියාත්මක නිසා. එතකං තියන බැටරි ආරක්ෂාකරගමු.

LEAD_1660374_62kWh_Battery_181107_05

අනෙත් රටවල් වලට වඩා කිහිප ගුණයක වේගෙන් අපේ ලීෆ් බැටරි ක්‍ෂය වුණා, නොවැලැක්වියහැකි පාරිසරික හේතුවලට වලට වඩා අපේ නොදන්නාකම සහ වැරදි පුරුදු නිසා!  අමතක කරන්න එපා බැටරි බාර් අටක් ඉතුරුව කිලෝමීටර් සීය පන්නපු ලීෆුත් ඒවගේම 200,000 කිට්ටුකරපු කිහිපයකුත් තියනබව.

බාර් පහක්, කිලෝමීටර් 60ක හරි රේන්ජ් එකක් තියන කාරෙකකින් වුනත් ගතහැකි ප්‍රයෝජනය ඉතා ඉහළයි අපේ වගේ රටක සාමාන්‍ය අවශ්‍යතා මත.ගත්වෙයි.

SOC එක පුළුවන්තරම් බාගෙට අඩුවෙන් තියාගන්න.

80% වලින් ආරෝපණය නවතින්න සෙට් කරන්න, දුරගමනක් තියෙද්දි විතරක් 100% යන්න.

කොයිමවෙලාවකවත් චාජ් කරල තියල තියන්න එපා, ගමන පිටත්වෙන්න පෙර චාජ් කරන්න.

දවසේ අවශ්‍ය ප්‍රමාණයට විතරක් ගෙදරින් චාජ් කරගන්න, දවස ඉවරවෙද්දි 30% වෙන විදියට.

ඩීප් ඩිස්චාජ් එපා, පුළුවන්තරම් 30% වෙනකොට ෆාස්ට් චාජ් එකක්වත් ගහගන්න, ඉතුරු දුර ටිකට..

ෆාස්ට් චාජ් දවසට එකක් කරාට ගැටළුවක් නැහැ, ඒක නොකර කොහොම හරි ගෙදර යන්න හිතාගෙන ගියොත් වෙනහානිය වඩා වැඩිවෙයි.                                                              

SOC 30% ~ 50% අතර තියල තියන එක තමයි හොඳම.

කෙටි චාජ් වාර හොඳ වගේම සතියකට වරක් විතර ගෙදර සම්පුර්ණ චාජ් එකක් දෙන්න, සෙල් බැලන්ස් වෙන්න.

අව්වෙ නවත්තන්න එපා.

උෂ්ණත්වය බාර් හයකට අඩුවෙන් තියාගන්න ධාවනයේදීත්, අඩුවුණ තරමට හොඳයි. පුළුවන් තරම් රෑටම චාජ් කරන්න. වැඩි වෙනවනම් හේතුව පරීක්ෂාකරගන්න.

ධාවනය කාර්යක්ෂම වුන තරමට බැටරිය පරිස්සම්වෙයි. kW එකකින් හැකි උපරිම දුර යන්න උත්සහකරන්න. ක්‍රමානුකූල ත්වරණය අත්‍යවශ්‍යයි.

ඔබේ කාර්යක්ෂමතා ගැන මීටරයේ පෙන්වන දත්ත ගැන සැලකිලිමත් වෙන්න.

මාස හයකට සැරයක් කරන සර්විස් එකේදී බැටරි ස්කෑන් එකත් කරන්න. සෙල් බැලන්ස් තත්වය දැනගැනීම වැදගත්

බැටරියේ සව්ක්‍යය අඩුවනවානම් ව්‍යායාම කරවන්න. සම්පූර්ණ දුර දුවලා ෆාස්ට් චාජ් එකක් දෙන්න. ඉන්පසු යේ නිවසේ සම්පුර්ණ චාජ් කරලා දුවන්න. මේ වගේ ළඟ ළඟ කිහිප වරක් කරන්න.

සෙල් මාරුකිරීම් මොඩියුල් මාරු කිරීම්, BMS / LBC රිසෙටින් බොහෝවිට ඔබේ මුදල් නාස්තිකරන වැඩ වෙයි. මේ පිළිබඳව කිවහැක්කේ පැරණි සහ යාවත්කාලීන ස්කෑන් වාර්තා මත පමණයි. ඔබ වැටී ඇති තත්වයෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදන අය ඉන්නවා.

බැටරියේ රිසර්ව් කැපසිටි එක භාවිතයට විවෘතකිරීම කොහෙත්ම නොකලයුතුයි.

මේ මුකුත් හරියන්නේ නැත්නම්…..https://evrev.lk/2019/08/17/big-battery-bang/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.