විදුලි බල්බ කුප්පිලාම්පු කිරීම… අනාගතය ආපස්සට!

මාස දෙක තුනකට පාරක්වත් සමාජ මාධ්‍ය වල පළවෙනවා ලීෆ් එකකට එන්ජිමක් දාන්න බැරිද, ඇයි ඒවායේ ගණන් අඩුවෙන්නේ වැනි පෝස්ට්. මේ පෝස්ට් වලට කමෙන්ට් කරනවා කිහිප වර්ගයක අය. ප්රධාන වශයෙන්ම විහිළු කාරයෝ, ගෝලීය උණුසුම වැඩිවීම ප්රතික්ෂේප කරන්නෝ, විදුලි රථවල පැවැත්ම විශ්වාස නොකරන්නෝ සහ කරන්නෝ සහ තවත්.

මුලින්ම පෙරේද චමත් පළිහපිටිය කියපු දෙයක්. ඔහු හැදින්වුවා එලෝන් මස්ක්ව (ටෙස්ලා) අපේ කාලයේ තෝමස් අල්වා එඩිසන් විදියට, ඒ ඇමරිකාවේ CNBC රූපවාහිනී සාකච්චාවකදී.

Elon wired

චමත් පලිහපිටිය ලාංකික සම්භවයක් සහිත ඇමරිකාවේ ඉන්න ලෝකප්රසිද්ධ ආයෝජන කළමනාකරුවෙක් (පින්තුරය 1). ඔහු ෆේස්බුක් හි ආරම්භක විධායකයෙක්. ඒවගේම ඔහු ප්රසිද්ධ වුනා ලගදි ෆේස්බුක් නිසා වෙන සමාජ හානිය ගැන කතාකරල. ඔහු දැන් ප්රධාන විධායකයා Social Capital ආයෝජන සමාගමේ. ඒවගේම Golden State Warriors NBA කණ්ඩායමේ කොටස් හිමියෙක් සහ අධ්යක්ෂක මණ්ඩල සාමාජිකයෙක්.

ආපහු මාතෘකාවට, දවස් දෙකකට ඉස්සෙල්ල පෝස්ට් එකට අපේ කෙනෙක් කමෙන්ට් කරලා තිබුන මෙහෙම,
“තෝමස් අල්වා එඩිසන් පරීක්ෂණ පවත්වලා පවත්වලා අමාරුවෙන් බල්බ් එක හොයාගත්ත අපි ඒ බල්බ් එකෙන් ලාම්පු හැදුව, උං දහඅතේ පරීක්ෂණ කරල කරල ඉලෙක්ට්රික් වහනයක් හැදුව අපි ඒකට ඇංජිං තියන්න හදනව ”

ඔහුට ආචාරය, නමුත් මෙහෙම කියපු අය හිටියත් පිළිගත් අයත් හැදුවේ එක්කෝ එන්ජින් දාන්න, ගේන්න කියපු අයත් හිටිය. තව හිටිය විදුලිවාහන ප්රවර්ධනය නොඉවසන නිසා වැරදි මත පතුරවන්න හදපු. ප්රධානම චෝදනාව තමයි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නෑ කියන එක. ඊළඟට බැටරි නෑ, නැත්නම් ගණන් කියන එක.

නමුත් මේ ගණන් හදන අයගේ ක්රමය වැරදියි කියල අපි අභියෝග කළා, ඒවගේම කිව්වා තමන් පාවිච්චි කරන කාරෙකේ පසුගිය අවුරුදු පහේ වියදම් දාන්න කියල, විවෘතව ගණන් හදල බලන්න. කව්රුවත් තාම දැම්මේ නෑ. නමුත් මේ ඇතැමෙක් මාව බ්ලොක් කරලා, කමෙන්ට් කරනවා පාලුගෙයි වලන් බිදින්න.
අපි වාද විවාද කරගන්නේ කව්ද දිනන්නේ කියල බලන්න නෙමෙය්, දැනුම වැඩිකරගන්න. ඒක තේරුම්නොගන්න එක ගැන කනගාටුයි.

විදුලි වාහනයකට කොහොමහරි එන්ජිමක් දාන්න පුළුවන්, නමුත් වැඩක් නැහැ, ආර්ථික, ප්රයෝගික, දැනුම හෝ විනෝදය වෙනුවෙන්වත්. එහෙම ලිව්වේ අපි සමහරවිට ප්රොජෙක්ට් කාර් හදනවා ඔය හතරෙන් එකකට හරි, නමුත් මේකෙන් ලැබෙන මෙලෝ දෙයක් නෑ.
විදුලි රථවල ආගමනය අපි කැමති වුනත් නැතිවුනත් වෙනදෙයක්, බොහෝ අය ක්රියාකරන්නේ එය හැකිතරම් ප්රමාද කිරීමට පමණයි.

දැන් ප්රධානම කාරණයට එමු. ඔය ඔක්කොම හරි, ලීෆ් බැටරි ප්රශ්නෙට මොකද්ද උත්තරේ?
අපි මුලින්ම ලීෆ් ගනිද්දී අමතක කරපු කාරණයක් තියනවා, ඒ බැටරිය මේ වාහනයේ වටිනාම කොටස බව, හොඳ ධාවන පුරුදු, එහි මිල ගැන අවබෝධය, කිලෝමීටරයකට ධාවන වියදම ගණනය කලයුතු ආකාරය නමුත් නොදැකපු නොහිතපු තැනකුත් තිබුන, ඒ බැටරි හිගයක් ඇතිවෙයිද කියන එක.

ඉතිං අපි විදුලි කාර් චාජ් කලේ ජංගම දුරකථන වගේ, අනෙක විදුලි රථයක් පාවිච්චිය ඉන්ධන රථයකට වඩා වෙනස් බව ඔලුවට දාගත්තේ නැහැ, බද්ද අඩුයි, කාර් ලාබයි, ලාබ විදුලියෙන් දුවන එක ගැනයි විතරක් හිතන අයත් මේ කාර් ගත්ත, තාමත් ගන්නවා.
දැන් වුනත් ඔය එන්ජීන දාන්න හදන්නෙ වෙන දේකට නෙමෙයි…ලාබෙට ජපන් කාරෙකක් දුවන්න.

Nissan_leaf_lg

දැන් වුනත් ලංකාවේ තියන ලීෆ් හාරපන්දාහෙන් අතලොස්සකට තමයි බැටරි ඕනේ. එනම් සුළු කාර් ප්රමාණයක් කිලෝමීටර් පනහේ සීමාවට එනවා (බොහෝවිට වැරදි පුරුදු). බැටරිය පරිස්සම් කරගන්නේ කොහොමද කියල ඇතිවෙන්න කියලදීල තියනව.

සන්තෝෂයි ලංකාවේ සමහර ලීෆ් කිලෝමීටර් ලක්ෂය පන්නල, බැටරියෙන් 75% තවත් ඉතුරුයි. ඒවගේම කිහිපයක් ලක්ෂ දෙකේ සීමාවට ඇවිල්ල, 2012/13 හදපු රථ.

ඇයි ලීෆ් මිල අඩුවුණේ, බැටරිය නිසා, වෙන මෙලෝ ලෙඩක් නෑ. ගිය අවුරුද්දේ බැටරි මිල කිලෝවොට් පැයකට ඩොලර් දෙසියට වඩා අඩුවුනා, දෙසීයක් වුනත් අපිට එනකොට 24 kWh බැටරියකට වෙන්නේ රුපියල් 864,000. මේවා පොතේ ගණන් විතරක් නෙමෙයි ප්රායෝගික බව මේ ක්ෂේත්රයට සම්බන්ධ අය විදියට අපි දන්නවා. (පින්තුරය 3) බදු වුනත් අඩුකරන්න රජය පියවර ගන්න බව දන්නවා.

මේ මිල අඩුවුනත් මේ කාර් පාවිච්චිකරන අයට මිලියනයකට වඩා ගෙවල බැටරියක් ආයි දැම්මත් ලාබයි, මොකද හරි විදියට පාවිච්චිකරන කෙනෙකුට එතකොට කිලෝමීටරයට බැටරි වියදම රුපියල් පහයි. සොලාර් තියනවනම් ඉන්ධන වියදමක් නෑ, හරි ක්රමයත් ඒකයි, TOU ටැරිෆ් එකේදී යුනිට් එක ලාබයි ඒ නැතත්.

ඇයි ඉතින් බැටරි තාම නැත්තේ? ඒක ප්රශ්නයක්. මිලියනයක් ගෙවල ලංකාවේ බැටරි දාන්න අවශ්ය අය තවම ඇති ප්රමාණයක් නෑ. ධාවනය දවසට තිහයි නමුත් කිලෝමීටර් 50 වඩා යන්න පුළුවන් අයත් බැටරි හෙවිමෙන් තරමක කෘතීම හිඟයක් මතුවෙලා තියනවා. ඒ වගේම නිසාන් සමාගම මේ සඳහා කැප නොවීම, ඔවුන්ගේ අභ්යන්තර ගැටළු, ආනයන නීති මේ සඳහා අඩු වැඩි වශයෙන් හේතුවෙලා තියනවා.
රේන්ජ් එක තිහට බහිනකොට නම් අමාරුවෙයි, නමුත් වසරක් තුල විසඳුම් ලැබෙයි, ඒ ගැන පාර්ශව කීපයක්ම ක්රියාත්මක නිසා විදුලි වාහන සමාජයත් එකතුව.

බැටරි නැත්නම් තමුන්ගේ දෙයිනික ධාවන අවශ්යතාවයට මදිනම්, වේග ආරෝපකයකට යයි, නැත්නම් රේන්ජ් එක වැඩි එකක් ගනියි. අමතක කරන්න එපා ලංකාවේ වාහන ගන්නේ තමුන්ගේ ධාවන අවශ්යතා අනුව නෙමෙයි, වෙනත් අවශ්යතා මත බව. අනෙක කාරෙකක ජීවිත් කාලෙන් සීයට අනූවක් ගතකරන්නේ ගාල් කරල තියෙද්දී බව.

නමුත් අපි සෙකන්හෑන්ඩ් මාකට් එක (මේ වචනෙම වැරදියි) ගණන් හදන්නේ ගත්තු ගානෙන් විකුනපු ගාන අඩුකරලා, ඒ අතරතුර ඉන්ධන සේවා, අලුත්වැඩියා ඔය කිසි දෙයක් නොසලකා.

අපිට විදුලි රථ ගැන කතාකරද්දී මගහැරෙන ලොකුම දේ තමයි වෙන රටවල විදුලි රථවල මිල සමාන ඉන්ධන රථවලට වඩා වැඩියි කියන එක. හැබැයි ලීෆ් වල මිල අඩුවීමෙන් එක හොඳක් වුනා….ජීවිතේට විදුලි රථයක් නොගන්න හිතපු අය මේවා ලාබ වුනු නිසා හරි ගැනීමෙන් මේවායේ හොඳ දැනගත්තා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.