Second Hand මාකට් එක!

නිතරම ඇහෙනවා, එමෙන්ම සමාජ මාධ්‍යවල පෝස්ට් එනවා විදුලි රථවල මාකට් බහිනවා නේද? ලීෆ් එකකට එන්ජිමක් දාන්න බැරිද? ඇයි විදුලි රථවල ගණන් අඩුවෙන්නේ? බැටරි නැද්ද? හෝ සමාන පෝස්ට්.

මේ පෝස්ට් වලට ප්‍රතිචාර දක්වනවා කිහිප වර්ගයක අය. ඒ අය අතර විහිළු කාරයෝ, ඉන්ධන රථ වලින් ගැලවෙන්න බැරි අය, ගෝලීය උණුසුම වැඩිවීම ප්‍රතික්ෂේප කරන්නෝ, විදුලි රථවල පැවැත්ම විශ්වාස නොකරන්නෝ, බයි සෙල් ව්‍යාපාරිකයො, බැටරි බිය ඇතිකරන වංචා කාරයෝ වැනි බොරදියේ මාළු බාන්න හදන අය තමයි ඉන්නේ!

නැවත විකිණුම් වටිනාකම ඉතාමත් වැදගත් සාධකයක්, ලංකාවේ පමණක් නෙමෙයි වෙනත් රටවල වුනත් අලුත් වාහනයක් මිලදී ගැනීමේ තීරණයේදී , අඩු වැඩි වශයෙන්.

මේ එලෝන් මස්ක්, හදුන්වාදීම් අනවශ්‍යයි, මේ අය ලෝකය යන පැත්ත වෙනස් කළා. නමුත් ඒ වෙනස්වීම පිලි නොගන්න ය ලොව පුරාමත් ඉන්නවා.

ටෙස්ලා අලෙවිය 2019 දී වසර සියගණන් පැරණි මෝටර් රථ වන මර්සිඩීස්, BMW, අවුඩි සහ ලෙක්සස් යන හතරේම එම පන්තියේ වාහන වල අලෙවි එකතුවට වඩා වැඩිවුනා. නමුත් ලංකාවේ අපි?

ඉස්සෙල්ල කතා කරපු විදුලි රථ වලට එන්ජින් දාන්න බැරිද කියල අහපු කෙනාට උත්තර ලැබිල තිබුන මෙහෙම,
“තෝමස් අල්වා එඩිසන් පරීක්ෂණ පවත්වලා පවත්වලා අමාරුවෙන් බල්බ් එක හොයාගත්ත අපි ඒ බල්බ් එකෙන් ලාම්පු හැදුව, උං දහඅතේ පරීක්ෂණ කරල කරල ඉලෙක්ට්‍රික් වහනයක් හැදුව අපි ඒකට ඇංජිං තියන්න හදනව “

ඔහුට ආචාරය, නමුත් මෙහෙම කියපු අය හිටියත් පිළිගත් අයත් හැදුවේ එක්කෝ එන්ජින් දාන්න. තව හිටිය විදුලිවාහන ප්‍රවර්ධනය නොඉවසන නිසා වැරදි මත පතුරවන්න හදපු.

ප්‍රධානම චෝදනාව තමයි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නෑ කියන එක. ඊළඟට බැටරි නෑ, නැත්නම් ගණන් කියන එක.

වැරදි ගණනය කිරීම්!

නමුත් මේ ගණන් හදන අයගේ ක්‍රමය වැරදියි කියල අපි අභියෝග කළා, ඒවගේම කිව්වා තමන් පාවිච්චි කරන කාරෙකේ පසුගිය අවුරුදු පහේ වියදම් දාන්න කියල, විවෘතව ගණන් හදල බලන්න. කව්රුවත් තාම ප්‍රසිද්ධියේ දැම්මේ නෑ, නමුත් පාලුගෙයි වලන් බිදිනවා වගේ වැඩ කරනවා.

අපි වාද විවාද කරගන්නේ දිනන්න නෙමෙය්, දැනුම වැඩිකරගන්න, හරි තීරණ වලට එළබෙන්න. ඒක තේරුම්නොගන්න එක ගැන කනගාටුයි.

ඉතින් අපිම හැදුවා ගාන…..ප්‍රසිද්ධ කළා ඉන්ධන රථ ෆෝරම් වලත්, තාම කව්රුවත් තර්කානුකුලව, දත්ත සහිතව අභියෝග කලේ නැහැ. මෙන්න ලින්ක් එක. https://evrev.lk/2019/08/22/cost-per-km-of-leaf-azeo/

විදුලි වාහනයකට කොහොමහරි එන්ජිමක් දාන්න පුළුවන්, නමුත් වැඩක් නැහැ, ආර්ථික, ප්‍රයෝගික, දැනුම හෝ විනෝදය වෙනුවෙන්වත්. එහෙම ලිව්වේ අපි සමහරවිට ප්‍රොජෙක්ට් කාර් හදනවා ඔය හතරෙන් එකකට හරි, නමුත් මේකෙන් ලැබෙන මෙලෝ දෙයක් නෑ.

විදුලි රථවල ආගමනය අපි කැමති වුනත් නැතිවුනත් වෙනදෙයක්, බොහෝ අය ක්‍රියාකරන්නේ එය හැකිතරම් ප්‍රමාද කිරීමට පමණයි.

දැන් තව වැදගත් තැනකට එමු. ඔය ඔක්කොම හරි, ලීෆ් බැටරි ප්‍රශ්නෙට මොකද්ද උත්තරේ?
අපි මුලින්ම ලීෆ් ගනිද්දී අමතක කරපු කාරණයක් තියනවා, ඒ බැටරිය මේ වාහනයේ වටිනාම කොටස බව, හොඳ ධාවන පුරුදු, එහි මිල ගැන අවබෝධය, කිලෝමීටරයකට ධාවන වියදම ගණනය කලයුතු ආකාරය නමුත් නොදැකපු නොහිතපු තැනකුත් තිබුන, ඒ බැටරි හිගයක් ඇතිවෙයිද කියන එක.
ඉතිං‍ අපි විදුලි කාර් චාජ් කලේ ජංගම දුරකථන වගේ, අනෙක විදුලි රථයක් පාවිච්චිය ඉන්ධන රථයකට වඩා වෙනස් බව ඔලුවට දාගත්තේ නැහැ, මෙතනින් කියවන්න ඒ ගැන වැඩිදුර. https://evrev.lk/2019/08/17/big-battery-bang/

දැන් වුනත් ලංකාවේ තියන ලීෆ් හාරපන්දාහෙන් අතලොස්සකට තමයි බැටරි ඕනේ. එනම් සුළු කාර් ප්‍රමාණයක් කිලෝමීටර් පනහේ සීමාවට එනවා (බොහෝවිට වැරදි පුරුදු, නමුත් ලෝකේ බැටරි තාක්ෂණයේ මුලකාලේදී නිෂ්පාදනය වුන බැටරිවල අඩුපාඩුත් හේතුවුනා).

බැටරිය පරිස්සම් කරගන්නේ කොහොමද කියල ඇතිවෙන්න කියලදීල තියනව. මෙන්න ඒ හොඳ පුරුදු. https://evrev.lk/2019/05/12/use-ev-battery-for-long/

සන්තෝෂයි සමහර ලීෆ් කිලෝමීටර් ලක්ෂය පන්නල, බැටරියෙන් 75% තවත් ඉතුරුයි. ඒවගේම කිහිපයක් ලක්ෂ දෙකේ සීමාවට ඇවිල්ල, ලක්ෂ දෙක පහුකරපුවත් තියනවා පළමු බැටරියෙන්, 2012/13 හදපු රථ.

ඇයි ලීෆ් මිල අඩුවුණේ, බැටරිය නිසා. තව පැහැදිලි විදියකට කිව්වොත් රේන්ජ් එක අඩුවීම නිසා, වෙන මෙලෝ ලෙඩක් නෑ.

නමුත් මේ වුනේ මිල අඩුවීමක් නෙමෙයි. ඇත්තටම සමාන රථ සමග සැසදීමේදී නැවත විකිණුම් වටිනාකම, එනම් අපේ ලාභය වැඩිවෙලා, බොහෝ අවතාවලදී, බැටරි ක්ෂය වුනත්. මෙතන තමයි අපට ගණන් වැරදිච්ච තැන.

සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක! 

මෙන්න නියම විදියට ගණන් හැදීම කෙටියෙන්

(ගත් මිළ + ඉන්ධන සහ නඩත්තු වියදම + මුදලේ වියදම) – නැවත විකුණුම් මිල = ක්ෂයවීම (ලාබය හෝ පාඩුව) 

නමුත් අපි සෙකන් හෑන් මාකට්එක හදන විදිය?

ගත් මිළ – නැවත විකුණුම් මිල = ???

ලංකාවෙ EV ජනප්‍රිය නොවෙන්න/නොකරන්න මේ වැරදි ගණනය කිරීම ප්‍රධානම හේතුවක්. 

ඉන්ධන රථයක කිලෝමීටරයක අවම වියදම් වෙනස විදියට රුපියල් 20ක් ගත්තත් ලක්ෂයක් දුවපු පැට්‍රල්/හයිබ්‍රිඩ් රථයකට මිලියන දෙකක් එකතුකළ යුතුයි. 

මේ ටික කිව්වාම අහනවා එතකොට බැටරි දාන්න යන වියදම ගැන. ඒ තමයි ක්ෂයවීම, විකුනන්නේ අඩුවෙන්. අපි මේ ගණනය කිරීම දීර්ඝව කරනවා, පහල.

තව වැරදුනු සහ වරද්දන තැන් බොහොමයි, නොදැනුවත්කමට වඩා යටි අරමුණු මත.

බැටරියක් දානවනම්?

ගිය අවුරුද්දේ බැටරි මිල කිලෝවොට් පැයකට ඩොලර් දෙසියට වඩා අඩුවුනා, දෙසීයක් වුනත් අපිට එනකොට 24 kWh බැටරියකට වෙන්නේ රුපියල් 864,000. මේවා පොතේ ගණන් විතරක් නෙමෙයි ප්‍රායෝගික බව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ අය විදියට අපි දන්නවා. (පින්තුරය 3) බදු වුනත් අඩුකරන්න රජය පියවර ගන්න බව දන්නවා. 

මේ මිල අඩුවුනත් මේ කාර් පාවිච්චිකරන අයට මිලියනයකට වඩා ගෙවල බැටරියක් ආයි දැම්මත් ලාබයි, මොකද හරි විදියට පාවිච්චිකරන කෙනෙකුට එතකොට කිලෝමීටරයට බැටරි වියදම රුපියල් පහයි. සොලාර් තියනවනම් ඉන්ධන වියදමක් නෑ, හරි ක්‍රමයත් ඒකයි, TOU ටැරිෆ් එකේදී යුනිට් එක ලාබයි ඒ නැතත්.

ලෝකේ බැටරි මිල අඩුවීම

බැටරි හිඟය.

ඇයි ඉතින් බැටරි තාම නැත්තේ? ඒක ප්‍රශ්නයක්. මිලියනයක් ගෙවල ලංකාවේ බැටරි දාන්න අවශ්‍ය අය තවම ඇති ප්‍රමාණයක් නෑ. ධාවනය දවසට තිහයි නමුත් කිලෝමීටර් 50 වඩා යන්න පුළුවන් අයත් බැටරි හෙවිමෙන් තරමක කෘතීම හිඟයක් මතුවෙලා තියනවා. ඒ වගේම නිසාන් සමාගම මේ සඳහා කැප නොවීම, ඔවුන්ගේ අභ්‍යන්තර ගැටළු, ආනයන නීති මේ සඳහා අඩු වැඩි වශයෙන් හේතුවෙලා තියනවා.
රේන්ජ් එක තිහට බහිනකොට නම් අමාරුවෙයි, නමුත් වසරක් තුල විසඳුම් ලැබෙයි, ඒ ගැන පාර්ශව කීපයක්ම ක්‍රියාත්මක නිසා විදුලි වාහන සමාජයත් එකතුව.

බැටරි නැත්නම් තමුන්ගේ දෙයිනික ධාවන අවශ්‍යතාවයට මදිනම්, වේග ආරෝපකයකට යයි, නැත්නම් රේන්ජ් එක වැඩි එකක් ගනියි. අමතක කරන්න එපා ලංකාවේ වාහන ගන්නේ තමුන්ගේ ධාවන අවශ්‍යතාආනුව නෙමෙයි, වෙනත් අවශ්‍යතා මත බව. අනෙක කාරෙකක ජීවිත් කාලෙන් සීයට අනූවක් ගතකරන්නේ ගාල් කරල තියෙද්දී බව.

දැන් පොඩි ගානක් හදමු. මෙන්න තියනවා 2019 අගෝස්තු දැන්වීමක්, මිල දාල තිබුන මිලියන 2.2 කියල, රේන්ජ් එක 140 ~ 150යි .

දැන් මේ EV එක කිලෝමීටර 100 ක පරාසයක් දක්වා පහත වැටෙන තෙක් ඉදිරි වසර 3 සඳහා මසකට කිලෝමීටර් 2,500 ක් ගානේ දුවනවා කියල සිතමු. කිලෝමීටර 90,000 ක්.

හිතමු අවුරුදු තුනකදී මේක මිලියන 1.5 කට අඩුවෙනවා කියල. දැන් තියන රේන්ජ් එක 100 හෝ 80 වෙනකොට.මිල 1.5M (උපරිම) දක්වා පහත වැටෙන විට.

කිලෝමීටරයකට පිරිවැය LKR 8.8 යි. මේකට විදුලි සහ නඩත්තු වියදම් (ICE රථවලටත් පොදු ඒවා ඇත හැරලා) ගත්තොත් කිලෝමීටරයකට රුපියල් 11 ක්. මේ වියදම ප්‍රියස් එකකට LKR 40 පනිනවා, ප්‍රමාණයෙන් පොඩි වුනත් ඇක්වා එකකට බැලුවොත් රුපියල් තිහ පනිනවා.

ගණනය කිරීම් මෙතනින් බලන්න. https://evrev.lk/2019/08/22/cost-of-km-ev-hybrid/

තව විදියකට බලමු, කිලෝමීටර 100,000 දුවල ඔබ මෝටර් රථය කාටහරි නිකං දෙනවා කියල හිතමු …. තවමත් CPK රු. 22, ඒත් ලංකාවේ දැනට හොදම සෙකන් හෑන් මාකට් තියනවා කියන ප්‍රියස් වලට වඩා අඩුයි …. එක්කෝ අපේ ගණිතයේ වැරද්දක්, නැත්නම් රටේ වැරද්දක්.

අපි සෙකන්හෑන්ඩ් මාකට් එක (මේ වචනෙම වැරදියි) ගණන් හදන්නේ ගත්තු ගානෙන් විකුනපු ගාන අඩුකරලා, ඒ අතරතුර ඉන්ධන සේවා, අලුත්වැඩියා ඔය කිසි දෙයක් නොසලකා.

අපිට විදුලි රථ ගැන කතාකරද්දී මගහැරෙන ලොකුම දේ තමයි වෙන රටවල විදුලි රථවල මිල සමාන ඉන්ධන රථවලට වඩා වැඩියි කියන එක. හැබැයි ලීෆ් වල මිල අඩුවීමෙන් එක හොඳක් වුනා….ජීවිතේට විදුලි රථයක් නොගන්න හිතපු අය මේවා ලාබ වුනු නිසා හරි ගැනීමෙන් මේවායේ හොඳ දැනගත්තා.

වෙබ් සහ FB පිටු සබ්ස්ක්‍රයිබ් / ලයික් / ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබව අපි යාවත්කාලීන කරනවා, තාක්ෂනය සහ දැනුම හැමදාම අලුත්වෙන නිසා.

අප සුදානම් ඔබගේ අදහස් සහ ගැටළු දැනගන්න, තර්කානුකුල විසදුම් සපයන්න. අපව අමතන්න මෙතනින් පුළුවන්. https://evrev.lk/grow-with-us/