සෙකන් හෑන් :-) මාකට් එක

මාස දෙක තුනකට පාරක්වත් සමාජ මාධ්‍යවල එනවා ලීෆ් එකකට එන්ජිමක් දාන්න බැරිද, ඇයි ඒවායේ ගණන් අඩුවෙන්නේ, බැටරි නැද්ද හෝ සමාන පෝස්ට්. මේ පෝස්ට් වලට ප්‍රතිචාර දක්වනවා කිහිප වර්ගයක අය. ඒ අය අතර විහිළු කාරයෝ, ගෝලීය උණුසුම වැඩිවීම ප්‍රතික්ෂේප කරන්නෝ, විදුලි රථවල පැවැත්ම විශ්වාස නොකරන්නෝ සහ කරන්නෝ සහ ව්‍යාපාරිකයොත් බොරදියේ මාළු බාන්න හදන.

මුලින්ම පෙරේද චමත් පළිහපිටිය කියපු දෙයක්. ඔහු හැදින්වුවා එලෝන් මස්ක්ව (ටෙස්ලා) අපේ කාලයේ තෝමස් අල්වා එඩිසන් විදියට, ඒ ඇමරිකාවේ CNBC රූපවාහිනී සාකච්චාවකදී.

චමත් පලිහපිටිය ලාංකික සම්භවයක් සහිත ඇමරිකාවේ ඉන්න ලෝකප්‍රසිද්ධ ආයෝජන කළමනාකරුවෙක්. ඔහු ෆේස්බුක් හි ආරම්භක විධායකයෙක්. ඒවගේම ඔහු ප්‍රසිද්ධ වුනා ලගදි ෆේස්බුක් නිසා වෙන සමාජ හානිය ගැන කතාකරල. ඔහු දැන් ප්‍රධාන විධායකයා Social Capital ආයෝජන සමාගමේ. ඒවගේම Golden State Warriors NBA කණ්ඩායමේ කොටස් හිමියෙක් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙක්.

ඊළඟට එලෝන් මස්ක්, හදුන්වාදීම් අනවශ්‍යයි, මේ අය ලෝකය යන පැත්ත වෙනස් කළා. නමුත් ලංකාවේ අපි?

ඉස්සෙල්ල කතා කරපු එන්ජින් දාන පෝස්ට් එකට අපේ කෙනෙක් කමෙන්ට් කරලා තිබුන මෙහෙම,
“තෝමස් අල්වා එඩිසන් පරීක්ෂණ පවත්වලා පවත්වලා අමාරුවෙන් බල්බ් එක හොයාගත්ත අපි ඒ බල්බ් එකෙන් ලාම්පු හැදුව, උං දහඅතේ පරීක්ෂණ කරල කරල ඉලෙක්ට්‍රික් වහනයක් හැදුව අපි ඒකට ඇංජිං තියන්න හදනව “

ඔහුට ආචාරය, නමුත් මෙහෙම කියපු අය හිටියත් පිළිගත් අයත් හැදුවේ එක්කෝ එන්ජින් දාන්න, ගේන්න කියපු අයත් හිටිය. තව හිටිය විදුලිවාහන ප්‍රවර්ධනය නොඉවසන නිසා වැරදි මත පතුරවන්න හදපු. ප්‍රධානම චෝදනාව තමයි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නෑ කියන එක. ඊළඟට බැටරි නෑ, නැත්නම් ගණන් කියන එක.

නමුත් මේ ගණන් හදන අයගේ ක්‍රමය වැරදියි කියල අපි අභියෝග කළා, ඒවගේම කිව්වා තමන් පාවිච්චි කරන කාරෙකේ පසුගිය අවුරුදු පහේ වියදම් දාන්න කියල, විවෘතව ගණන් හදල බලන්න. කව්රුවත් තාම ප්‍රසිද්ධියේ දැම්මේ නෑ, නමුත් පාලුගෙයි වලන් බිදිනවා වගේ වැඩ කරනවා.
අපි වාද විවාද කරගන්නේ කව්ද දිනන්නේ කියල බලන්න නෙමෙය්, දැනුම වැඩිකරගන්න, හරි තීරණ වලට එළබෙන්න. ඒක තේරුම්නොගන්න එක ගැන කනගාටුයි.

ඉතින් අපිම හැදුවා ගාන…ප්‍රසිද්ධ කළා තෙල් ෆෝරම් වලත්, තාම කව්රුවත් තර්කානුකුලව, දත්ත සහිතව අභියෝග කලේ නැහැ. මෙන්න ලින්ක් එක. https://evrev.lk/2019/08/22/cost-per-km-of-leaf-azeo/

විදුලි වාහනයකට කොහොමහරි එන්ජිමක් දාන්න පුළුවන්, නමුත් වැඩක් නැහැ, ආර්ථික, ප්‍රයෝගික, දැනුම හෝ විනෝදය වෙනුවෙන්වත්. එහෙම ලිව්වේ අපි සමහරවිට ප්‍රොජෙක්ට් කාර් හදනවා ඔය හතරෙන් එකකට හරි, නමුත් මේකෙන් ලැබෙන මෙලෝ දෙයක් නෑ.
විදුලි රථවල ආගමනය අපි කැමති වුනත් නැතිවුනත් වෙනදෙයක්, බොහෝ අය ක්‍රියාකරන්නේ එය හැකිතරම් ප්‍රමාද කිරීමට පමණයි.

දැන් තව වැදගත් තැනකට එමු. ඔය ඔක්කොම හරි, ලීෆ් බැටරි ප්‍රශ්නෙට මොකද්ද උත්තරේ?
අපි මුලින්ම ලීෆ් ගනිද්දී අමතක කරපු කාරණයක් තියනවා, ඒ බැටරිය මේ වාහනයේ වටිනාම කොටස බව, හොඳ ධාවන පුරුදු, එහි මිල ගැන අවබෝධය, කිලෝමීටරයකට ධාවන වියදම ගණනය කලයුතු ආකාරය නමුත් නොදැකපු නොහිතපු තැනකුත් තිබුන, ඒ බැටරි හිගයක් ඇතිවෙයිද කියන එක.
ඉතිං‍ අපි විදුලි කාර් චාජ් කලේ ජංගම දුරකථන වගේ, අනෙක විදුලි රථයක් පාවිච්චිය ඉන්ධන රථයකට වඩා වෙනස් බව ඔලුවට දාගත්තේ නැහැ, බද්ද අඩුයි, කාර් ලාබයි, ලාබ විදුලියෙන් දුවන එක ගැනයි විතරක් හිතන අයත් මේ කාර් ගත්ත, තාමත් ගන්නවා.
දැන් වුනත් ඔය එන්ජීන දාන්න හදන්නෙ වෙන දේකට නෙමෙයි…ලාබෙට ජපන් කාරෙකක් දුවන්න.

දැන් වුනත් ලංකාවේ තියන ලීෆ් හාරපන්දාහෙන් අතලොස්සකට තමයි බැටරි ඕනේ. එනම් සුළු කාර් ප්‍රමාණයක් කිලෝමීටර් පනහේ සීමාවට එනවා (බොහෝවිට වැරදි පුරුදු). බැටරිය පරිස්සම් කරගන්නේ කොහොමද කියල ඇතිවෙන්න කියලදීල තියනව.

සන්තෝෂයි සමහර ලීෆ් කිලෝමීටර් ලක්ෂය පන්නල, බැටරියෙන් 75% තවත් ඉතුරුයි. ඒවගේම කිහිපයක් ලක්ෂ දෙකේ සීමාවට ඇවිල්ල, 2012/13 හදපු රථ.

ඇයි ලීෆ් මිල අඩුවුණේ, බැටරිය නිසා, වෙන මෙලෝ ලෙඩක් නෑ. ගිය අවුරුද්දේ බැටරි මිල කිලෝවොට් පැයකට ඩොලර් දෙසියට වඩා අඩුවුනා, දෙසීයක් වුනත් අපිට එනකොට 24 kWh බැටරියකට වෙන්නේ රුපියල් 864,000. මේවා පොතේ ගණන් විතරක් නෙමෙයි ප්‍රායෝගික බව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ අය විදියට අපි දන්නවා. (පින්තුරය 3) බදු වුනත් අඩුකරන්න රජය පියවර ගන්න බව දන්නවා. 
මේ මිල අඩුවුනත් මේ කාර් පාවිච්චිකරන අයට මිලියනයකට වඩා ගෙවල බැටරියක් ආයි දැම්මත් ලාබයි, මොකද හරි විදියට පාවිච්චිකරන කෙනෙකුට එතකොට කිලෝමීටරයට බැටරි වියදම රුපියල් පහයි. සොලාර් තියනවනම් ඉන්ධන වියදමක් නෑ, හරි ක්‍රමයත් ඒකයි, TOU ටැරිෆ් එකේදී යුනිට් එක ලාබයි ඒ නැතත්.

ලෝකේ බැටරි මිල අඩුවීම

ඇයි ඉතින් බැටරි තාම නැත්තේ? ඒක ප්‍රශ්නයක්. මිලියනයක් ගෙවල ලංකාවේ බැටරි දාන්න අවශ්‍ය අය තවම ඇති ප්‍රමාණයක් නෑ. ධාවනය දවසට තිහයි නමුත් කිලෝමීටර් 50 වඩා යන්න පුළුවන් අයත් බැටරි හෙවිමෙන් තරමක කෘතීම හිඟයක් මතුවෙලා තියනවා. ඒ වගේම නිසාන් සමාගම මේ සඳහා කැප නොවීම, ඔවුන්ගේ අභ්‍යන්තර ගැටළු, ආනයන නීති මේ සඳහා අඩු වැඩි වශයෙන් හේතුවෙලා තියනවා.
රේන්ජ් එක තිහට බහිනකොට නම් අමාරුවෙයි, නමුත් වසරක් තුල විසඳුම් ලැබෙයි, ඒ ගැන පාර්ශව කීපයක්ම ක්‍රියාත්මක නිසා විදුලි වාහන සමාජයත් එකතුව.

බැටරි නැත්නම් තමුන්ගේ දෙයිනික ධාවන අවශ්‍යතාවයට මදිනම්, වේග ආරෝපකයකට යයි, නැත්නම් රේන්ජ් එක වැඩි එකක් ගනියි. අමතක කරන්න එපා ලංකාවේ වාහන ගන්නේ තමුන්ගේ ධාවන අවශ්‍යතාආනුව නෙමෙයි, වෙනත් අවශ්‍යතා මත බව. අනෙක කාරෙකක ජීවිත් කාලෙන් සීයට අනූවක් ගතකරන්නේ ගාල් කරල තියෙද්දී බව.

දැන් පොඩි ගානක් හදමු. මෙන්න තියනවා 2019 අගෝස්තු දැන්වීමක්, මිල දාල තිබුන මිලියන 2.2 කියල, රේන්ජ් එක 140 ~ 150යි .

දැන් මේ EV එක කිලෝමීටර 100 ක පරාසයක් දක්වා පහත වැටෙන තෙක් ඉදිරි වසර 3 සඳහා මසකට කිලෝමීටර් 2,500 ක් ගානේ දුවනවා කියල සිතමු. කිලෝමීටර 90,000 ක්.

හිතමු අවුරුදු තුනකදී මේක මිලියන 1.5 කට අඩුවෙනවා කියල. දැන් තියන රේන්ජ් එක 100 හෝ 80 වෙනකොට.මිල 1.5M (උපරිම) දක්වා පහත වැටෙන විට.

කිලෝමීටරයකට පිරිවැය LKR 8.8 යි. මේකට විදුලි සහ නඩත්තු වියදම් (ICE රථවලටත් පොදු ඒවා ඇත හැරලා) ගත්තොත් කිලෝමීටරයකට රුපියල් 11 ක්. මේ වියදම ප්‍රියස් එකකට LKR 40 පනිනවා, ප්‍රමාණයෙන් පොඩි වුනත් ඇක්වා එකකට බැලුවොත් රුපියල් තිහ පනිනවා.

ගණනය කිරීම් මෙතනින් බලන්න. https://evrev.lk/2019/08/22/%e0%b6%9a%e0%b7%92%e0%b6%bd%e0%b7%9d%e0%b6%b8%e0%b7%93%e0%b6%a7%e0%b6%bb%e0%b6%ba%e0%b6%9a-%e0%b6%b0%e0%b7%8f%e0%b7%80%e0%b6%b1-%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b7%80%e0%b7%90%e0%b6%ba/

තව විදියකට බලමු, කිලෝමීටර 100,000 දුවල ඔබ මෝටර් රථය කාටහරි නිකං දෙනවා කියල හිතමු …. තවමත් CPK රු. 22, ඒත් ලංකාවේ දැනට හොදම සෙකන් හෑන් මාකට් තියනවා කියන ප්‍රියස් වලට වඩා අඩුයි …. එක්කෝ අපේ ගණිතයේ වැරද්දක්, නැත්නම් රටේ වැරද්දක්.

අපි සෙකන්හෑන්ඩ් මාකට් එක (මේ වචනෙම වැරදියි) ගණන් හදන්නේ ගත්තු ගානෙන් විකුනපු ගාන අඩුකරලා, ඒ අතරතුර ඉන්ධන සේවා, අලුත්වැඩියා ඔය කිසි දෙයක් නොසලකා.

අපිට විදුලි රථ ගැන කතාකරද්දී මගහැරෙන ලොකුම දේ තමයි වෙන රටවල විදුලි රථවල මිල සමාන ඉන්ධන රථවලට වඩා වැඩියි කියන එක. හැබැයි ලීෆ් වල මිල අඩුවීමෙන් එක හොඳක් වුනා….ජීවිතේට විදුලි රථයක් නොගන්න හිතපු අය මේවා ලාබ වුනු නිසා හරි ගැනීමෙන් මේවායේ හොඳ දැනගත්තා.

One thought on “සෙකන් හෑන් :-) මාකට් එක

  1. […] ආර්ථික වාසිය විදුලි රියක ප්‍රදානම වාසියක්, විශ්ෂයෙන් ලංකාවේ. මෙය ධාවනයේදී පමණක් නොවෙයි සම්පූර්ණ හිමිකාරත්වයටම බලපානවා, ක්ෂයවීමේ අගයේ සිට මුදලේ වටිනාකම දක්වාම. ඒ කොහොමද කියල දැනගන්න තව කියවන්න. https://evrev.lk/2019/08/22/%e0%b7%83%e0%b7%99%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%91%e0%b6%b… […]

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.