අනිවාර්ය බැටරි ටිප් එකක්

එහෙම නැත්නම් අවුරුදු තුනෙන් එක කිලෝමීටරයක් වත් නොදුවා බැටරිය ඉවර කරගන්න ක්‍රමයක්.

ලීෆ් එක පාවිච්චි වෙන්නේ නැද්ද ටික දවසකට? 

බැටරිය බස්සන්න අවම වශයෙන් 40% ට වත්, ප්‍රවේශම් කරගන්න ඕනේනම්. 

(ලීෆ් කිව්වට ඕනෑම විදුලි රථයක් ලිතියම් අයන් නම් බැටරිය)

කිහිප වතාවක්ම මේ ගැන කිව්වත් දැනටත් අපට මුණගැහෙනවා ජංගම දුරකථන වගේ කාර් චාජ් කරන අය.

ඉතින් මේ ගැන වාහන විකුණන අයට කිව්වාම කියන්නේ ඔය කතා කිව්වට වැඩක් නැහැ, කාර් ගන්න එන්නේ ලාබෙ බලාගන විතරයි, දුවන්න හදන්නේ පැට්‍රල් කාර් විදියටම කියලා.

විදුලි රථ ටිකක් වෙනස්, ඔබේ හෙට දවසේ ගමන්  සැලසුම් කරගන්න බැරිනම් විදුලි රථයක් සුදුසු නැතිවෙයි. 

හදිසි ගමනක් වැටුනොත් ෆාස්ට් චාජ් කරන්න.

දැන් මාතෘකාවට, චාජ් කරලා විදුලි රථයක් තිබ්බොත් මොකක්ද වෙන්නේ. 

මේ පර්යේෂණය බැටරි යුනිවසිටි එකෙන්

උෂ්ණත්වය 40°C 

40%   චාජ් වසරකදී ලොස් එක 15%

100% චාජ් වසරකදී ලොස් එක 35%

දැන් පේනවා නේද උෂ්ණත්වය සහ ආරෝපණ තත්වය ඇතිකරන බලපෑම ලිතියම් අයන්  බැටරි වල කැපසිටි එකට!

කොටින්ම ෆුල් චාජ් කරල අවුරුද්දක් තිබ්බොත් කපසිටි එකෙන්  30% විතර ලොස් වෙයි ලංකාවෙ. ඒ කියන්නේ අවුරුදු තුනෙන් බැටරිය ඉවරයි!

කොහොමද මේක විසදාගන්නේ? 

හරිම ලේසියි, කාරෙකට හෙට ගමන් නැත්නම් අද චාජ් කරන්න එපා. අනෙක හෙට  දුවන ප්‍රමාණයට විතරක් චාජ් කරගන්න වැඩ ඉවරවෙනකොට 30% වෙන්න.

නැත්නම් වෙනම සෝලා පැනල එකක් ගරාජ් එකේ වහලට හයිකරලා ඩී සී වායු සමීකරණයක් දවල්ට දාන්න. රෑට ඉතින් කොහොමත් විස්සට අඩුවෙනවනේ.

2 thoughts on “අනිවාර්ය බැටරි ටිප් එකක්

  1. […] ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහේ වුනත් විදුලි රථයක් ගනිද්දී ඇහෙන පලවෙනි ප්‍රශ්නේ බොහෝවිට රේන්ජ් එක. ඒ මේ ප්‍රශ්නේ ඉන්ධන රත වලට අදාළ නොවුනු නිසා. නමුත් විදුලි රථ සහ ඉන්ධන රථ අතර ප්‍රදානම වෙනසක්, ටැංකිය පුරෝලා තිබිය යුතු නැති බව. ඒ ඇයි කියල මෙතනින් දැනගන්න. https://evrev.lk/2019/10/03/mandatory-battery-tip/ […]

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.