Environment

EV ගන්නේ ආර්ථික හෝ පාරිසරික වාසි නිසාද?

මාතෘකා වෙන ප්‍රශ්නය නිසාන් ලීෆ් අයිතිකරුවන්ගේ FB ෆෝරම් එකක ඇසුණු ප්‍රශ්නයක්. අපේ සාමාන්‍ය සිතුවිල්ල වුනේ ආර්ථික හේතු මුලික වෙන බවයි. නමුත් අති බහුතරයකගේ උත්තරය වෙනස් . මේ බලන්න, ආඩම්බරයි ලංකාවේ විදුලි රථ හිමිකරුවන් හිතන විදිය ගැන.

නමුත් බොහෝදෙනෙකුට නොවැටහුණු දෙයක් තියෙනවා, ඒ විදුලි රථයක් පාවිච්චිය ආර්ථික වශයෙන් වඩාත් ලාභදායී බව, දීර්ඝකාලීනවත්.

වෙන රටවල අය විදුලි වාහන ගන්නේ සමාන ඉන්ධන වාහනයකට වැඩිය මුදලක් ගෙවලා. නමුත් ලංකාවෙ තත්වය වෙනස්. නමුත් දැන් අලුතෙන් එන විදුලි වාහන වල මිල සමාන ඉන්ධන ඒවට වඩා වැඩියි. ඒත් අලෙවිය හොඳයි.
හැබැයි ඒ පරිසරය ගැන හිතලම නෙමෙයි. ඒවායින් දීර්ඝ කාලීන ආර්ථික වාසි ලැබෙන නිසා සහ ඉන්ධන වාහන වලට වඩා සැප පහසුව, නඩත්තුව, performance ආදී හැම දෙයක්ම හොඳ නිසා.

මේ වසර පනහක් රිය පදවන කෙනෙක් විදුලි රථයක් පදවුවොත් ඔහුට ඉතුරු කරගන්න පුළුවන් මුදල. ඇමරිකාවෙදි මේ ඉතිරිය රුපියල් මිලියන පනහක් තරම් වෙනවා. මේ නඩත්තු වියදම් වලට අමතරව. මේ එක්කම පරිසරයට දෙන දායකත්වය මිලකළ නොහැකියි.

මේ ප්‍රශ්නයම හයිබ්‍රිඩ් රථවලට අදාල කළොත්

වාහන නිෂ්පාදකයෝ යිබ්‍රිඩ් වාහන හැදුවේ පරිසරය ගැන හිතලා නමුත් ලංකාවෙ නං ගත්තේ ලාභ ගැනම හිතලා ඒකනම් වැරදිච්ච ලොකුම තැනක් මොකද ඒකෙ ලාභයක් නැති නිසා නමුත් හොඳින් නඩත්තු කරොත් පරිසරයට හොඳයි.

විදුලි රථ ලාභදායි වෙන්නේ කොහොමද?

ලංකාවේදී විදුලි රථ මේ ප්‍රතිලාභ දෙකම වෙනත් රටවලට වඩා දෙනවා. මෙන්න අපේ ගණනය කිරීම්. https://evrev.lk/2019/08/22/cost-per-km-of-leaf-azeo/

ලින්ක් එකේ අපි ගණනය කිරීම් කරලා පෙන්නලා දීල තියෙන්නේ වීදුලි රථයක් පාවිච්චි කරන එක ලංකාවේ වෙන ඕනම රටකට වැඩිය ලාබයි හැම අතින්ම ආයෝජනය සිට disposal එක දක්වාම, බැටරි අගය ක්ෂය වීමත් සහ resell value එකත් එක්කම.

වෙබ් සහ FB පිටු සබ්ස්ක්‍රයිබ් / ලයික් / ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබව අපි යාවත්කාලීන කරනවා, තාක්ෂනය සහ දැනුම හැමදාම අලුත්වෙන නිසා.

අප සුදානම් ඔබගේ අදහස් සහ ගැටළු දැනගන්න, තර්කානුකුල විසදුම් සපයන්න. අපව අමතන්න මෙතනින් පුළුවන්. https://evrev.lk/grow-with-us/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.