සාගර ජලය ඉහළ යෑමේ ව්‍යසනය

සැටලයිට් තාක්ෂනය තරම් සාගරය විශ්ලේෂණය කිරීමේ කාර්යයන් වලට සහාය වූ තවත් තාක්ෂණයක් ලොව නැත. ඉන් සාගර ජලයේ උස මැනීම ඉතා වැදගත් දෙයක් විය. සැටලයිට් මගින් සාගර ජලයේ මධ්‍යන උස මිලි මීටරයක් ඉහළ ගියද, එයද නිරීක්ෂණය කල හැකි තරම් දියුණු කර ඇත. බොහෝ දත්ත විශ්ලේෂණය කිරීම තුලින් මිලි මීටර් ප්‍රමාණයේ වෙනස් වීම් පවා විද්‍යාඥයන්ට සොයා ගත හැක. පසුගිය වසර 30 තුල මෙසේ ගන්නා දත්ත අතරින් දැනට සොයා ගෙන ඇති තොරතුරු නම් ඉතාම ඛේදනීය මෙන්ම සහ භයානක තත්වයක් පෙන්වයි.

2019 වසරේ නොවැම්බර් මාසයේ ඉතාලියේ සුන්දර වැනීසියේ ඇති වූ වඩ දිය උස, මෙතෙක් වාර්ථා වූ සියළුම වඩදිය උසට වඩා ඉහළ ගොස් ඇත. වැනීසිය යුනෙස්කෝ සංවිධානය මගින් හඳුනාගෙන ඇති ආරක්ෂා කල යුතු යයි කියන ලෝක උරුමයකි. එහෙත් මේ වඩදිය නිසා නිවාස, පැරණි ස්මාරක ඇති ස්ථාන මෙන්ම ඉහළ තලයේ හෝටල් ජලයෙන් යට විය. වටිනාකම මිළ කල නොහැකි යයි කියන, එයිතිහාසික ‘San Marco basilica’ යන කිතුණු පල්ලියද මුහුදු ජලයෙන් යටවිය.

මිරිදියෙන් ගොඩනැගිල්ලක් යටවනවාට වඩා අලාභ හානි මුහුදු ජලයෙන් සිදු වේ.

වෙනීසියේ ආණ්ඩුකාරයා මෙසේ කියා සිටියේය. වෙනීසිය යන්න දූපත් 118 කින් සැදී පවතී. මේවා ‘පෝ’ සහ ‘පියාවේ’ යන ගංගා මුව දොර පවතී. එසේ හෙයින් ජල ගැලීම් මේ දූපත් වාසීන්ට අරුමයක් නොවුනද, මෑත කාලයේ සිදු වූ ජල ගැලීම නිසා මිනිසුන් අපේක්ෂා රහිතව දණින් වැටුනි ! Climate Central යන ලාභ නොලබන ආයතනය අනුව, ඉතාලියේ සම්පූර්ණ උතුරු අද්රියාතික වෙරළ තීරුව 2050 වසර වන විට වාර්ෂික සාගර ජලයෙන් වන දිය ගැලීමේ උසට වඩා පහළින් පිහිටනු ඇත.

2015 පැරිස් සමුළුවේ අවවාද වලට අනුව වැඩ කලද, 2100 වසරේ මුහුදු ජල මට්ටම සෙන්ටි මීටර් 43 කින් වැඩි වනු ඇත. මේ අවවාද අනුව ක්‍රියා නොකළහොත්, එම ජල මට්ටම සෙන්ටි මීටර් 84 කින් ඉහළ යනු ඇති බව ‘Benoit Meyssignac’ නම් සාගර විද්‍යාඥයා කියා සිටී. අප්‍රිකාව සහ ආසියාවට මේ සාගර ජල මට්ටම වැඩිවීම විශාල සේ දැනුනද, බෙල්ජියමේ මුළු වෙරළ තීරය, නෙදර්ලන්තය සහ එංගලන්තය ටද ඉන් බේරී සිටීමට නොහැක. මේ වාර්ථා වල වැඩි විස්තර පහත ලින්ක් එකෙන් බැලිය හැක.

දින දහයක් ඇතුලත සැටලයිට් වලින් ලෝකයේ සාගර වලින් 90%ක් නිරීක්ෂණය කල හැක. මේ දත්තයන් වල මධ්‍යන අගය ගැනීමෙන් සාගර ජල මට්ටම ඉතා නිවැරදිව ලබා ගත හැක. එසේ ගන්නා මිනුම මිනුම් කිහිපයක් මගින් ලැබෙන අගයට වඩා ඉතා නිරවද්‍ය වේ. දත්තයන් විශාල සංඛ්‍යාවක් ලැබෙන නිසා මෙම සාගර ජලයේ උසේ නිරවද්‍යතාවය මිලි මීටර් 0.35 ක අගයකට ලඝු කල හැක. ඒ අනුව වසරකට මිලි මීටර් 3.4කින් සාගර ජල මට්ටම ඉහළ යයි. අවාසනාව වන්නේ වසරකට මේ ඉහළ යන ප්‍රමාණය එන්න එන්නම වැඩිවීමය. ධ්‍රැව වල ජලය දිය වීම මීට ප්‍රධාන හේතුව වේ.

ගිනිකඳු විදාරණය වැනි භූ තලයේ වන විවිධ වෙනස් වීම් නිසා මෙන්ම මිනිස් චර්යා රටා හේතුවෙන්ද [:උදාහරණය – aerosol emissions] මේ සාගර ජලයේ වැඩි වීම තැනින් තැනට සුළු වශයෙන් වෙනස් වේ.

පරිසරය යන්න සාගරය පමණක් නොවේ. පොළව මතුපිට කෙරෙන විවිධ ආකාරයේ පරිසරයට අහිතකර ක්‍රියාකාරකම් නිසා ලෝක උෂ්ණත්වය ඉහළ යාම සිදු වේ. ලංකාව වැනි රටකට මේ සාගර ජල මට්ටම ඉහළ යාම වෙරළබඩ ප්‍රදේශවලට දැනෙනු ඇත. එහෙත් එය රටේ මැද පරිසරයට වෙනත් හේතුන් නිසාද බලපෑම සිදුවේ. එක් විශේෂ හේතුවක් වන්නේ මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂා ජලය කඳුකරයේ රඳා පැවැත්මේ හැකියාව බොහෝ සේ හීන වීමයි.

පසුගිය සියවස තුල තේ වැවීම නිසා ඉවත් වූ පස් ප්‍රමාණය අඩි තුනක උසකින් යුතු බව රාජ්‍ය වැවිලි සංස්ථාවේ උසස් නිළධාරියෙක් පවසා සිටියේය. මේ තත්වය ඉතා අවාසනාවන්ත සිදු වීමකි. හැකි සෑම අයුරකින්ම සෝදා පාළුව අඩු කිරීමට තමන්ට හැකි ආකාරයෙන් ක්‍රියාත්මක වීම ඉතා වැදගත් වේ

Galle Road, Kahawa, Sri Lanka – Image credit Daily Mirror