ලංකාවෙ EV ජනප්‍රියද?

බ්‍රිතාන්‍යය 2035 ඉදන් විදුලි අනෙකුත් සියලු මෝටර් රථ අලෙවිය තහනම් කළා, ඒ හයිබ්‍රිඩ් පවා තහනම්ව. මේ විශාල ඉදිරි පියවරක්, යුරෝපයේ අනෙකුත් රටවල් පවා පරදවා. එමෙන්ම ටෙස්ලා සමාගම 2019 වසරේදී මර්සිඩීස්, BMW , අවුඩි, ලෙක්සස්, ඉන්ෆිනිටි යන සුඛෝපබෝගී වාහන වල මුළු අලෙවි එකතුවට වඩා වැඩි වාහන ඇමරිකාවේ විකිණුවා.

2019 වසරේ බොහෝ රටවල ඉන්ධන වාහන අලෙවි ප්‍රතිශත අඩුවුනත් විදුලි වාහන ප්‍රතිශතය වැඩිවුනා. ඒ විදුලි රථ මිළ සියයට විසිපහක් පමණම වැඩිවුවත් වෙනත් රටවල, ඉන්දියාවත් ඇතුළුව.

නමුත් ලංකාවෙ?

ගෝලීයව බලද්දී 2022 වෙනකොටයි විදුලි වාහන වල මිල ඉන්ධන වාහන වලට වඩා අඩුවෙන්නෙ හෝ සමපාත වෙන්නේ. නමුත් ලංකාවෙ මුල ඉඳලම විදුලි රථවල මිල සමාන ඉන්ධන රථවලට වඩා අඩුයි. නමුත් අතරමැද යම් බාධක වැටුනා දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ අදුරදර්ශී තීරණ නිසා.

කොහොමද ලංකාවේ මිල පාලනය වුනේ?

විදුලි රථවල නිෂ්පාදන වියදම තවමත් වැඩියි, එනිසා සාමාන්‍යයෙන් 25% පමණ වැඩියි විකිණුම් මිලත්. බොහෝ රටවල වාහනවලට බදු නැහැ. නමුත් අපේ බදු ගොඩක් වැඩියි. මේනිසා විදුලි රථවල මිල ඉන්ධන රථවලට වඩා අඩුවුනා.

ඉතින් EV වලට ආයෝජනය කරන මුදලට වැඩි වටිනාකමක් ලැබුන. ඒ අපි විදුලි ගෙව්වේවාහනයේ වටිනාකමට නිසා. ඉන්ධන රථයක අපි වැඩිපුර ගෙවන්නේ බදු.

වෙන රටවල්වල මේ වෙනස පාලනය කරන්න සහනාධාරත් දෙන්න වුනා. නමුත් ලංකාවෙදි EV ලෝකේ වෙන රටවලදි වගේ ජනප්‍රිය නොවුනේ ඇයි?         

EV වලට ලංකාව හුඟක් හොඳ රටක්.

4-million-EVs_globally-chart-3

අපේ දවසක දිගම ගමනක් කිලෝමීටර් 100 ට වැඩි වෙන්නේ කලාතුරකින්, රෝඩ්ට්‍රිප් එකක් යද්දී, එහෙම නැත්නම් ව්‍යාපාර වලදී. අපේ පාරවල් වල පිහිටීම, කඳු සහ පල්ලම් පුනර්ජනනීය තිරිංග වලට වාසි දායකයි.

නෙට් ගෙවීම් ක්‍රම සහ සූර්ය බල පද්ධති අනුව ඉන්ධන මිල බිංදුවයි. ඕෆ් පීක්‌ අය ක්‍රමය අනුව තවත් වාසියි.

නමුත් පරිසර උෂ්ණත්වය? මේක අපිට නරකට බලපෑව කියල හිතුවත් අපට වඩා උෂ්ණත්වය වැඩි ප්‍රදේශවල (ඇමරිකාවේ ඇරිසෝනා වැනි) හොඳින් පාවිච්චිවෙනවා.

අපි බලමු ලංකාවට බලපෑ ප්‍රධාන හේතු, ඒවා ලෝක තත්වයට වඩා වෙනස්. මෙතැනදී කතා නොකෙරෙන දෙයක් තමයි ලොව පුරාම විදුලි වාහනවලට ඇති විරෝධය, පොසිල ඉන්ධන, ගල් අඟුරු ව්‍යාපාරිකයන්ගෙන්. ඒක නම් ලෝකේ කොහෙත් එකවගේ.

බැටරි ක්ෂයවීම ?

ඕනෑම බැටරියක් ක්ෂයවෙනවා. දැනට ලෝකේ භාවිත තාක්ෂනය අනුව වසරකට 5% දක්වා ක්ෂයවීමක් අප බලාපොරොත්තු විය යුතු දෙයක්. නමුත් ක්‍රියාකාරී සිසිලන ක්‍රමයක් නැහැයි කියල ලීෆ් බැටරියේ උෂ්ණත්වයට වැරැද්ද පැටෙව්වා මිස විදුලි රථයක් භාවිතයේදී අපට කළහැකිව තිබුණු කිසිම දෙයක් අපි කලේ නැහැ.

මේක හොඳටම පැහැදිලියි දැන් දැනුවත් වෙලා ඉන්නා ලීෆ් හිමිකරුවන් බැටරියේ ඉතුරු ප්‍රමාණයෙන් ගන්න ප්‍රයෝජනය වැඩි නිසා. කොහොම බැටරි භාවිතය විය යුතුද යන්න අපි ලිපිය අවසානයේ කියනවා.

නමුත් අපට මග හැරුණු තවත් දෙයක් තියනවා. ඒ මුල් වසර කිහිපය (2010 සිට 2013 දකවා) ලීෆ් මෙන්ම වෙනත් විදුලි රථ බැටරි තාක්ෂණයේ මුලම වසරවල්. තාක්ෂනය දියුණුවුණේ භාවිතයේදී ලැබුණු අත්දැකීමුත් එක්ක, අපි ඇත්තටම ගිනිපිග්ල (පරීක්ෂණාගාර මීයෝ) වුනා.

Guinea Pig

2014 ඉඳන් ඉහලට එන බැටරි ගැන කව්රුවත් පැමිණිලි කරන්නේ නැහැ. 2013 පස්සේ නිෂ්පාදිත ලීෆ් ලංකාවේ කිලෝමීටර් ලක්ෂයකට වඩා ධාවනය වෙලත් 2020 වෙනකොට බැටරි ප්‍රතිශතය 70% දක්වාත් ඉතිරි තියනවා. ඒ වගේම ඒවා තවමත් කිලෝමීටර් ලක්ෂයකට වඩා එක චාජ් එකකින් දිවවෙනවා.

2018 ආපු අලුත් ලීෆ් වල බැටරි ක්ෂයවීම 3% වලටත් වඩා අඩුයි. නව මාදිලියේ ලංකාවේ වැඩියෙන්ම ධාවනය වුනු ZE1 රථය කිලෝමීටර් ලක්ෂයක් දිව්වත් තාම රේන්ජ් එක අඩුවෙලා නැහැ, ලංකාවේ තත්වයන් යටතේත්.

යටිතල පහසුකම්.

මේක කොයි රටෙත් එකයි, පහසුකම් වැඩිවුණේ වාහන ප්‍රමාණය වැඩිවීමත් එක්ක. අපේ පොඩි රටට යන්තම් පිරිමැහෙන ආරෝපණ මධ්‍යස්ථාන ප්‍රමාණයක් තිබුන. ඒ කොහොම වුනත් ලංකාවේ විදුලි රථ චාජ් වුනේ ගෙදරින්, සෝලා තිබුනනං වියදමත් බින්දුව වුන නිසා. ඒ නැතත් කිලෝමීටරයක වියදම රුපියල් 1.50 පමණ වුනු නිසා ඕෆ් පීක් අය ක්‍රමය මත.

අලුත්වැඩියාව අතිනුත් යම් ගැටළු තිබුනත් සෑහෙන විසඳුම් ලැබුනා. ICE වල වුනත් ගැටළු තිබුනා ඒ අතින් බැලුවොත්. ඇත්තටම සතුටුයි, විදුලි රථවල අලුත්වැඩියාවන් පිළිබඳව ලංකාව සෑහෙන දියුණුයි.

රේන්ජ් එක!

ධාවන දුර ප්‍රමාණය වෙන විශාල රටවලට යම් ගැටළු ඇතිකරාට එය ලංකාව වගේ රටකට ප්‍රශ්නයක් නෙමෙයි. අපේ දෙයිනික ධාවන දුර කිලෝමීටර් 25 පමණ. එමෙන්ම 2018 සිට එන ලීෆ් එකකට ලංකාව හරහා යන්න පුළුවන් රේන්ජ් එකක් තියනවා.

හොඳම රේන්ජ් එක කොහොමද තීරණය කරන්නේ කියන එකත් මේ ලිපිය අවසානයේ ලින්ක් එකකින් දැනගන්න පුලුවන්වෙයි.

ලංකාවේ විදුලි රථ.

අලුතෙන්ම විදුලි වාහන නියෝජිතයෙක් හරහා ආවේ ශිෆෙන්ග්. වැඩි මිලක් වුනෙත් නැහැ, ඒ මිලට නොවටිනා කාරෙකකුත් නෙමෙයි. නමුත් අපි මරුටි 800 ගාන ගෙවන්න බෑ කිව්වා, උඩට ආවේ නැහැ.

ඊළඟට ලීෆ් අලුත්ම වගේ කාර් ආවා 2014 ඉදන්. ලංකාවේ විකිණුනා ඇයි? සමාන ඉන්ධන වාහනවලට වඩා මිල අඩු නිසා. 2015 නොවැම්බර් වල ඉඳන් මිල වැඩිවුනා විතරයි අපි ඒවා ගත්තෙ නෑ. ඒක අපේ දේශපාලකයෝ කරපු ඓතිහාසික වැරද්දක්.

ඔය එක්කම BMW i3, i8 ආව. i8 වෙනම තියමු, නමුත් i3 වුනත් පනහක් පන්නන්න බැරිවුනා නියෝජිතයාට, සමාන ICE කාරෙකකට වඩා මිල අඩුවුනත්, අන්තිම ටික වික්කේ සේල් දාල.

2018 දී e2o ගෙනාව මහින්ද්‍රා. නමුත් ඒක ලොතරැයි හරහා වැරදි කණ්ඩායමකට දීල මුලින්ම වැඩේ අනාගත්ත. දුර බැලුවෙ නැහැ!

දැන් MG eZ ඇවිත් තියනවා, 2019 අග සිට. ඔවුන් හොඳ අලෙවියක් වාර්තාකරණ බව පේනවා. ඊළඟට Hyundai KONA, ප්‍රධාන ප්‍රවාහයේ නිෂ්පාදකයෙක් සමාන ICE වාහනයට වඩා අඩුවෙන් මිළ කරපු ප්‍රථම වාහනය හදුන්වලා දීල අපිට.

ලෝකේ වෙන තැන්වල මෙහෙම වුනාම ගෙවන්නේ පෝලිමේ ඉඳල, අවුරුද්දකින් දුන්නත්. නමුත් ලංකාවේ එහෙම වුනේ නැහැ . 2019 අවසාන වෙද්දී MG විදුලි රථ 50ක් අලෙවි වෙලා තියෙන බව කියවෙනවා. මේ හොඳ ප්‍රවනතාවක්, ඉලක්කම ගැන සතුටුවිය නොහැකි වුනත්.

නිසාන් ලීෆ්දැන් නියෝජිතයින් හරහා ලබාගන්නත් පුළුවන් මිලියන අටකට (රුපියල්) වගකීමකුත් සහිතව, මිල සහ අංගෝපාංග ගැන සෑහීමකට පත්විය නොහැකි වුනත්. එය අගය කල යුතුයි ප්‍රමාද වීහෝ ඔවුන් අලෙවියට ඉදිරිපත්වීම ගැන.

ඊළගට iPace සහ Taycan. මේ දෙක නම් වැටෙන්නේ වෙනම කාණ්ඩයකට. 2020 ඉවර වෙනකොට ඒවත් අපිට දැකගන්න පුලුවන්වෙයි අපේ පාරවල්වල.

පරිසර හිතකාමී බව විදුලි රථවල ලොකුම වාසියක්, නමුත් ආර්ථික හෝ ආයෝජන තීරණ ගැනීමේදී තවමත් ඒවට වැඩි වටිනාකමක් දෙන්නේ නැහැ. අප කියන්න උත්සාහකරන්නේ පරිසර ලාභ පැත්තකින් තිබ්බත් විදුලි රථ සමාන ඉන්ධන රථවලට වඩා ආර්ථික අතින් වාසිදායක බවයි.

ලංකාවේ ගොඩක් ජනප්‍රියයි ග්‍රේ වාහන, පොදු වචනෙන් කිව්වොත් රීකන්ඩිෂන්. ඒවා අතරින් 2019 ලීෆ් එකක් දැන් සමාන ICE වාහනයකට වඩා 10% සිට 20% අඩුවෙන් ගන්න පුළුවන්. උදාහරණ ටොයෝට CH-R සහ හොන්ඩා Civic 1.0 සමග බැලුවොත්. ධාවන වියදමත් අඩුයි, නඩත්තුව සහ වටිනාකම් ක්ෂයවීම බැලුවත්.

What will happen to the cars we buy today?

ඒත් ගන්නේ ඉතා සුළු පිරිසක්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ….නැවත විකිණුම් මිළද? ඔව් කිව්වොත් බොහෝ දුරට හරි.

නමුත් ප්‍රශ්නය අපි නැවත විකිණුම් මිළ හරියට ගණනය නොකිරීමයි. හැම අතින්ම වාසි ලබාගැනීමේ අවස්තාවක් අපි මගහරිනවා.

තව හේතු කීපයක්මත් තියනවා. බලන්න විදුලි වාහනයක් ගමුද ලිපිය, පහල ලින්ක් එකෙන්. ඒ වගේම නැවත විකිණුම් මිල ගැනත් කියවන්න.

කොහොමද නැවත විකිණුම් මිල හරියට ගණනය කරන්නේ ( Resale Value)?    කොහොමද කිලෝමීටරයකට ධාවන වියදම හොයන්නේ (CPK – Cost per Km)?         

වෙබ් සහ FB පිටු සබ්ස්ක්‍රයිබ් / ලයික් / ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබව අපි යාවත්කාලීන කරනවා, තාක්ෂනය සහ දැනුම හැමදාම අලුත්වෙන නිසා.

අප සුදානම් ඔබගේ අදහස් සහ ගැටළු දැනගන්න, තර්කානුකුල විසදුම් සපයන්න. අපව අමතන්න මෙතනින් පුළුවන්. https://evrev.lk/grow-with-us/

වාහන හිමිකමේ පූර්ණ වියදම කියන්නේ මොකද්ද (TCO – Total Cost of Ownership)? මේ ඒවා ගැන, නිවැරදි තීරණයක් ගන්න උදව්වක්. https://evrev.lk/2019/08/23/why-buy-ev-qa/

බැටරිය කොහොමද භාවිත විය යුතු යන්න මෙතනින් දැනගන්න. https://evrev.lk/2019/05/12/use-ev-battery-for-long/

රේන්ජ් එක ගැන දැනගන්න මෙතනින්: https://evrev.lk/2019/08/13/range-anxiety-debunked/