ගෝලීය උණුසුම ~ අප සන්ධිස්ථානයක

2019 වසරේ සාගර ජළයේ උණුසුම ඉතිහාසයේ අන් කිසිදිනෙකට වඩා ඉහළ ගොස් ඇත.

පරීක්ෂණ මගින් සොයාගෙන ඇති පරිදි, 2019 වසරේ සාගර ජළයේ උණුසුම ඉතිහාසයේ අන් කිසිදිනෙකට වඩා ඉහළ ගොස් ඇත. මේ පරීක්ෂණ, “Record-Setting Ocean Warmth Continued in 2019 * ” යන මූලාශ්‍රයට අනුබද්ධ වේ. 2019 වසරේ උෂ්ණත්වය, 1981-2010 මධ්‍යතන උෂ්ණත්වයට සාපේක්ෂව සෙන්ටිග්‍රේඩ් අංශක 0.075 කින් ඉහළ ගොස් ඇත. මෙය කුඩා අගයක් සේ යයි පෙනුනද සාගර ජලයේ ඇති අති මහත් ජල ස්කන්ධය ගත් විට තාපයේ වැඩිවීම ජූල්ස් වලින්, ‘සෙක්ස්ටිලියන් 228’ කි.

එනම් ජූල්ස් 228,000000000000000000000 කි. එය 228 ට බින්දු 21 ක් එකතු වූ විට ලැබෙන ජූල්ස් ප්‍රමාණය වේ…. !!…!!!

ඒ පරීක්ෂකයෙක් වන Lijing Cheng මහතා කියන්නේ; පසුගිය වසර 25 තුල සාගරයට එකතු කල තාපයේ ප්‍රමාණය, ‘හිරෝෂීමාවට’ හෙළන ලද පරමාණු බෝම්බය මගින් ඇති කල තාප ප්‍රමාණය මෙන් බිලියන 3.6ක් සේ යයි කියා වේ. මෙය ලෝක උෂ්ණත්වය වැඩිවීමට හොඳම උදාහරණයකි. මේ තත්වය මඟ හැරවීමට මිනිසා විසින් ඇති කරන ලද තාපය වායු ගෝලයෙන් මුක්ත කිරීම හැර අන් විකල්පයක් නැත බව ඔහු කියා සිටී.

සමහර කෙනෙක් ‘තාපය’ සහ ‘උෂ්ණත්වය’ යනු දෙකම එකක් යයි සිතති. එය සාවද්‍ය වේ. උදාහරණයක් සේ ජලය ග්‍රෑම් එකක් සෙන්ටිග්‍රේඩ් අංශක 1 කින් ඉහළ උෂ්ණත්වයකට පත් කල හැකිය. එසේම ජලය ග්රෑම් 1000 ක් සෙන්ටිග්‍රේඩ් අංශක 1 කින් ඉහළ උෂ්ණත්වයකට පත් කල හැකිය. මෙවිට පසුව කී අවස්ථාවේ තාපය , මුල් අවස්ථාවට වඩා දහස් ගුණයකින් වැඩි වේ. මුළු සාගරයේම ඇති තාපය සෙන්ටිග්‍රේඩ් අංශක 0.075 කින් ඉහළ යාම ඉහත දැක්වේ.

මේ එකතු වූ තාපය ලෝකයේ සාගර වල පැතිර ඇති වුවද, අත්ලාන්තික සහ දකුණු මුහුදු වල ඒ තාපය වඩාත් පැතිර ඇත. සමහරවිට ටික කලකට පෙර ඇමසන් වනාන්තරයේ, කැලිෆෝර්නියාවේ ඕස්ට්‍රේලියාවේ ඇති වූ ලැව් ගිණි වලට මෙය හේතු විය. 1955-1986 කාල සීමාවේ වැඩි වූ උෂ්ණත්වය මෙන් 4.5 ගුණයක් 1987-2019 කාලයේ වැඩිවීම ලොවට දැරීමට නොහැකි හේතුවක් වේ.

මෙහි ප්‍රතිඵල සේ වායුගෝලයේ ජල වාෂ්ප වැඩි වේ. අන් කිසි දිනෙක අත් දැක නැති තරම් දහදිය දැමීම සිදුවනු ඇත. කුනාටු, සැඩ සුළං, ජල ගැලීම්, ලැව් ගිණි ඇති වීම් බොහෝ වැඩිවනු ඇත.

ලංකාවේ වුවද වැසි වැස දින කිහිපයක් ගිය තැන ඒ වැසි වල ලකුණක්වත් නැති තරම් පරිසරය වේලී යන්නේය. මේ තත්වය වර්ෂාව වැඩි මධ්‍යම කඳුකරයේද පවතී. පහත් බිම් වලට ජළය ගලා යන මධ්‍යම කඳුකරයේ මේ තත්වය ඇති වීම විශාල අවාසනාවකි.

“පැරිස් සමුළුවෙන් තීරණය කල කාබන් සීමා ලබා ගත්තද, ලොව පුරා පොදුවේ ඇති වී තියෙන මේ ප්‍රශ්ණ එකවර සමාප්ත වන්නේ නොමැත”

පරීක්ෂකයන්ගේ ප්‍රකාශය

මේ තත්වය වැළැක්වීමට කල හැකි එකම දෙය වන්නේ හැකිතාක් හරිතාගාර වායු අවමයක් කිරීමත්, එක් එක් දේශයට අදාළ ගස් වැල් වැවීමත්, පතස්, කුළු වැව් වැනි දේ ඇතිකර වර්ෂා ජළය හැකිතාක් ගොඩබිම රඳවා ගැනීමත්, පුනර්ජනනීය බල ශක්තිය හැකි තාක් භාවිතා කිරීමත්, ද්‍රව්‍ය භාවිතය අඩු කිරීම, ප්‍රතිචක්‍රීයකරණය හැකිතාක් ක්‍රියාත්මක කිරීමෙන් පමණි. රටක්, ජාතියක්, ආගමක් හෝ කිසියම් සභ්‍යත්වයකට පමණක් මේ ප්‍රශ්ණ සීමා නොවේ.

මුළු මිනිස් ජාතියම එකට එකතු විය යුතු සන්ධිස්ථානයකට අප පැමිණ ඇත්තෙමු.

පොළවේ ඇති ස්වභාවක වාරිමාර්ග ක්‍රියාවන් හට බාධා පමුණවන ප්ලාස්ටික් වලින් ඉවත් වීමත් මේ පරිසර විනාශය අවමයක් කිරීමේ තවත් ඉතාමත් වැදගත් දෙයකි. ප්ලාස්ටික් නොදිරීම ලොවට දරන්නට වී ඇති විශාල බරක් බව අද දින සනාථ වී ඇත. පෙර ලංකාව වැනි රටක මිනිසාගේ ජීවන රටාව ස්වභාව ධර්මයට නිසි සේ අනුගත වූ නිසා, නිවාස වැනි සියවසකට පමණ පෙර ඔවුන් භාවිතා කල සියලුම අංගෝපාංග ස්වභාව ධර්මයෙන් අවශෝෂණය කරගෙන තිබේ.

මේ ක්‍රමය නැවත ඇතිවුවහොත් පමණක් ස්වාභාව ධර්මයේ ස්වභාවික ක්‍රියාවලිය යටතේ මිනිසාට ජීවත් වීමට හැකිය.

මේ සඳහා ලොව ජීවත් වන සියල්ලන්ටම සහාය විය හැකි ක්‍රම අපමණ තිබේ. නමුත් බලයට ඇති කෑදර කම සහ දේශපාලන න්‍යාය පත්‍ර අනුව ක්‍රියා කරන දූෂිත දේශපාලනඥයන්,, දූෂණයේ ජීවත් වන කුඩා කොටසක් නිසා සහ මේ තත්වය අමතක කර ඔතෑනි සහ අලස ස්වරුපයෙන් ජීවත් වන මුග්ධයන් නිසා ලොවම දුක් විඳින බව පැහැදිළිය.

ලිව්වේ : ලලිත් කරුණාරත්න https://www.facebook.com/lalith.karunaratna

කියවන්න මේ ගැන තව: https://evrev.lk/2019/12/30/climate-crisis-sri-lanka/