වයිරස වැළඳුණු කෘෂි ආර්ථිකය

Advertisements

මේ දවස්වල රටේ කොටසකට මුදල් තිබිලත් ආහාර නැහැ, තවත් කොටසකට මුදලුත් නැහැ කෑමත් නැහැ, තව කොටසකට වවපු හදපු දේවල් විකුණා ගන්න බැහැ, තවත් අය අස්වැන්න අතහරිනවා, ආහාර නිකන් දෙනවා, විසිකරනවා. කොරෝනා පිටට මරේ!

අපේ මුලික පරමාර්ථ වලින් පරිබාහිර වුනත් මේ ලිපිය තිරසාර සංවර්ධනයට සහ ප්‍රවාහනයට අදාළ නිසයි ලියවෙන්නේ, විශේෂයෙන්ම කාලීන ගැටළුවක් නිසා.

“මාර්තු තිස්වෙනිද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කිරීමට හෝ නොහැකිව ලොරි රථ 780 ක් පාරේ නවත්තළලු. එයට වැඩි ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථාන ඇතුළේ. තක්කාලි ඇතුළු එළවළු වර්ග 8 ක මිල රු. 20 ට වැඩි නොවේ. එළවළු රුගෙන ආ අති විශාල පිරිසක් මේ වන විට දඹුල්ලේ තැන තැන.

බස්නාහිර, වයඹ, දකුණ හා නැගෙනහිර පළාත් හි මේ වන විට දැඩි එළවලු හිගයක් පවතී. ඊයේ, මාර්තු 29 කැප්පෙටිපොල හා බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි රු. 80 – 110 මිලකට විකිණී ඇත. බණ්ඩාරවෙල තොග පොලට ලොරි 1100+ ක් ඇවිල්ලලු. (උපුටා ගැනීමක්). මේ අය තමුන්ගේ මුදල් නැතිකරගන්නවා වගේම කොරෝනා වාහකයින් බවට පත්වීම බරපතල ඛෙදවාචකයක ආරම්භයක් වෙන්න පුළුවන්.

ඊළඟට තව කොටසක් කියනවා පසුගිය රජයෙන් කරපු ශීතාගාර සංකීර්ණය තිබුනනම් මේ ප්‍රශ්නේ ඇතිවෙන්නේ නැහැ කියල.
“මෙම කෘෂි ශීතාගාර සංකීර්ණය උෂ්ණත්වය සහ තෙතමනය පාලිත මෙරට පළමු කෘෂි ශීතාගාර සංකීර්ණය වන අතර මෙහි මෙට්ට්‍රික් ටොන් 5,000 ක එළවලු සහ පලතුරු ගබඩා කිරීමේ හැකියාව තිබේ. එය නොයෙක් එළවලු සහ පලතුරු වලට අවශ්‍ය පරිදි විවිධ උෂ්ණත්ව සහ තෙතමනය සහිත කොටස් හයකින් යුක්තව සැලසුම් කර ඇත.” (තවත් උපුටාගැනීමක්).

තවත් කොටසක් කියනවා ගෙවතු වගාවෙන් මේ ප්‍රශ්න විසඳන්න තිබුන කියල, සිරිමාවෝ මැතිනියගේ වගේ ස්වයන්පෝෂණ ව්‍යාපාර වලින්. ගෙවතු වගාව හොඳයි එය කළ යුතුයි පුළුවන් සහ පහසුකම් තියෙන අය.

නමුත් වඩාත්ම වැදගත් වෙන්නේ භෝග කළමනාකරණය. එය දත්ත ගබඩාවක්, අන්තර්ජාලය සහ කෘෂි නිලධාරීන් මගින් විය යුතුයි. රටේ කෘෂි ව්‍යාපාර ආරක්ශාවිය යුතුයි. ශීතාගාර පහසුකම් පවා අවශ්‍ය දෙයක්.

සහනාධාර මත ව්‍යාපාර පවතින්නේත් නැහැ. පාරිභෝගිකයන්ට දැරියහැකි මිලක් තියනවා. අනවශ්‍ය වියදම් එකතු කිරීමෙන් ඒවා සාර්ථක කරන්න බැහැ.. එනිසයි නාස්තිය අවම කිරීම අතිශයින් වැදගත්වෙන්නේ. මෙය මේ රටේ කෘෂි විශ්ලේෂකයන් නිතරම පැවසූ සහ පවසන දෙයක්.

Advertisements

රටට අවශ්‍ය ප්‍රමාණයට එළවළු, පලතුරු සහ සත්ව අහාර දැනටත් රටේ ව්‍යාපාරිකව සහ ගෘහාශ්‍රිතව නිෂ්පාදනය වෙනවා. තිරිඟු පිටි, අර්තාපල්, ලොකුළුණු, පරිප්පු ආදී කිහිපයක් ආනයනය වෙනවා විශාලව, ඒවාට ආදේශක අවශ්‍යයි. සහල් නම් බොහෝවිට අතිරික්තයක්, පරිභෝජනය වැඩිවුනත්.

නැත්තේ බොහෝ වෙලාවට ජලය, Crop management, Crop rotation, කාලය සහ ශ්‍රමය අපතේ යෑම වැළැක්වීමේ ක්‍රම, මූලිකවම පෙර සහ පසු අස්වනු තාක්ෂනය. ඊළඟට ප්‍රවාහන නාස්තිය වැළැක්වීමේ ක්‍රම, හොඳ ගබඩා කිරීමේ සහ ලොජිස්ටික්ස් සැලසුම් ගැන රටේ සහ රජයේ කැපවීම අවමයි.
ගොවියා හැමදා දුගී මේ නිසයි.

ඒ ටික තිබුණනම් ඕනෑම තත්වයකට මුහුණ දෙන්න ඇති තරම් එළවළු පළතුරු සහ ධාන්‍ය අපේ ගොවි මහත්වරු නිෂ්පාදනය කරයි, දැනටත් වෙනවා.සහල් නම් අඩු කරත් කමක් නෑ, අපි කන බත් ප්‍රමාණය වැඩි නිසා.

කෘෂි ආර්ථික සැලසුම් දීර්ගකාලීන සහ තිරසාර වියයුතුයි. නමුත් කෘෂිකර්මාන්තය වෙනුවෙන් ලංකාවෙ වෙන්නෙ දේශපාලන ඉලක්ක මත පදනම්වූ සැලසුම් ගේන එක. නිලධාරීන් ඒවාට විරුද්ධවෙන්නෙත් නැහැ. නමුත් සමාජ මාධ්‍ය වල මේ ගැන කොතෙකුත් ලියවිලා තියනවා කෘෂි ආර්ථිකය පිලිබඳ පළපුරුදු අය අතින්. රජයට යෝජනා වූ අවස්ථාවලුත් තියනවා ප්‍රතිපල නැතිවුනාට..

කොරෝනා ප්‍රශ්නෙදිත් සමාජ මාධ්‍ය වලින් කලින්ම කියවුණු දේ තමයි අන්තිමට වෙලා තියෙන්නේ. රටේ ප්‍රදාන මාධ්‍ය එකක්වත් රජයට බලකරේ නැහැ ගුවන්තොටුපල වහන්න, රට ලොක්ඩවුන් තත්වයකට නියම අවස්ථාවේදී ගේන්න. ඔවුන් තමුන්ගේ යුතුකම ඉටුකළේ නැහැ රට වෙනුවෙන්.

වහා විසඳියයුතු දැනට නිෂ්පාදනයවෙලා තියෙන එළවලු, පලතුරු,, ධාන්‍ය, සත්ව අහාර සහ සියලු ගොවි නිෂ්පාදන පාරිභෝගිකයාට ලැබෙන සැලසුමක්. එනම් වහා අවශ්‍ය ලොජිස්ටික් සැලසුම්, ඒක විශේෂිත විෂයක්. ඒවගේ දේවලට ලංකාවේ පව්ද්ගලික සහ රාජ්‍ය ආයතන තියනවා. 3PL ලොජිස්ටික් සමාගම් දහයකට වැඩිය තියනවා ටොන් 10ට ඉහල රථ සහිත සහ එක සමාගමක් ට්‍රක් පන්සීයකට වඩා හසුරවන. බොහොමයක් වැඩ නැතිව ඉන්නෙත් මේ දිනවල.

අපට දක්ෂ සහ පළපුරුදු යුද හමුදාවක් ඉන්නවා. අවශ්‍යතා හදුනාගන්න හා බෙදා හරින්න ග්‍රාම නිලධාරිගේ ඉඳන් ප්‍රාදේශීය ලේකම් දක්වා පැතිරුණු අන්තිම හැතක්මේ බෙදුම් ජාලය (Last mile delivery) තියනවා. පුද්ගලික අංශයට අමතරව රජය සතු විශාල ලොරි සහ සේවක ප්‍රමාණයක් තිබෙනවා.

ඒ ඔක්කොම යටිතල පහසුකම් මතවුවත් සැලසුමක් නැතිකමින් තවමත් දකින්නේ පිළිවෙලක් නැතිව එන ආහාරලොරි සහ දේශපාලන කතා විතරයි. තීරණ ප්‍රකාශවෙනවා කිහිප දෙනෙක් අතින්ම, නමුත් වඩාත්ම වැදගත් දේ වන හදිසි සැලසුම අපි තාමත් දකින්නේ නැහැ.

මේ වගේ අවස්ථාවක රජයට හැමදේම කල නොහැකියි, නමුත් පුද්ගලික අංශය හවුල්කරගෙන කෙරෙන ලොජිස්ටික් සැලසුමක් අවශ්‍යයි.

මේ ලියමන කොරෝනා කාලෙට විතරක් නෙමෙයි, ඉන් එහාටත් හිතන්නයි. හදිසි, කෙටි, මධ්‍ය සහ දීර්ඝ සැලසුම් ලෙස. නමුත් කාලීන අවශ්‍යතාව ප්‍රමුඛ විය යුතුයි.

මේ කෙටිකලෙකින් කළහැකි එමෙන්ම වෙනත් රටවල සාර්ථකව ක්‍රියාත්මක වෙන ලොජිස්ටික් සැලැස්මක්. https://sujeeva7.blogspot.com/2020/05/blog-post_78.html