ග්ලිරිසීඩියා, කෝකටත් තෙලක්

ලංකාවෙ සිවුවෙනි ආර්ථික භෝගය ග්ලිරිසීඩියා, තේ, පොල්, රබර් ළඟට ගොඩක් අය නොදන්නව වුනාට. එක එක පැති අනුව නම, ගිනිසීරියා, මකුලත, ලාඩප්පා, නන්චි, වැටහිරියා, වැටමාර, මල්මාර, ඇල්බීසියා, සෙවන සහ කොළ පොහොර කියන නම් වලිනුත් හැඳින්වෙනවා.

ලංකාවට වසරකට යූරියා පොහොර මෙටි්‍රක්‌ ටොන් 400,000 කට වඩා ගෙන්වයි. එසේම ගල්අඟුරු ආනයනය සඳහාද විශාල මුදලක්‌ වැය කරයි. මෙම හානිය ගිනිසීරියා ගසින් වළක්‌වා ගත හැක.

යූරියා නිසා,

  • වගාවට ලෙඩ රෝග ඇති වීමේ අවදානම වැඩි කරයි.
  • විශාල විදේශ විනිමයක්‌ පිටරටට ගලා යයි.
  • යූරියා තුළ ඇති බයියුරට්‌ පිළිකා කාරකයකි.
  • ජලය හා පස විනාශ කරයි.
  • ප්‍රයෝජනවත් ක්‌ෂුද්‍ර ජීවීන් හා ගැඩවිලුන් විනාශ කරයි.

අක්‌කරයකට ගිනිසීරියා කොළ කිලෝ ග්‍රෑම් 5,000 ක්‌ පමණ යෙදීමෙන් නයිට්‍රජන් අවශ්‍යතාවය පමණක්‌ නොව පොස්‌පරස්‌ හා පොටෑසියම් අවශ්‍යතාවයන්ද සම්පූර්ණ වේ.

ගිනිසීරියා කොළ යොදා සාදා ගන්නා කොම්පෝස්‌ට්‌ හෝ දියර පොහොර ඔබේ ඵලදාව වගේම ඔබේ පසුම්බියත් තර තරයි.

ගිනිසීරියා වගාවෙන් හෙක්‌ටයාරයකට රු. 30,000 ක්‌ පමණ වසරකට අමතරව ලබා දෙන අතර රුපියල් 15,000 ක්‌ පමණ වටිනා පොහොර සපයා දෙයි.

ඇයි ග්ලිරිසීඩියා?

  • යූරියා පොහොර වෙනුවට නයිට්‍රජන්- කුඹුරු අක්‌කර 100 කට ගිනිසීරියා ගස්‌ 100,000 ක්‌
  • පසේ කාබනික ද්‍රව්‍ය 40% කින් වැඩිවේ.
  • පසේ පෙනෙන නොපෙනෙන ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි.
  • පස සෝදා යාම වළක්‌වනවා.
  • පොළොවට අධික ලෙස හිරු එළිය පතිත වීම අඩු කර පසේ උෂ්ණත්වය අඩු කරයි.
  • වැසි ජලය පස තුළට වැඩිපුර උරා ගෙන පසේ තෙතමනය 50% කින් වැඩිවේ.
  • පොළවට වැටෙන හිරු එළියෙන් ලැබෙන ප්‍රයෝජනවත් ජීව ශක්‌තිය 50% කින් වැඩිවේ.
  • වැටට ගන්න.
  • දරට ගන්න.
  • විදුලිය- කිලෝ වොට්‌ 100 කට ගිනිසීරියා ගස්‌ ලක්‌ෂ 2 ක්‌
  • ප්‍රොaටීන් බහුල සත්ත්ව ආහාර ලෙස
  • එළවළු වගාවේදී ආධාරකවලට
  • බෝගවලට සෙවණ දෙනවා.
  • හොඳ සුළං බාධකයක්‌
  • හොඳ ගිනි බාධකයක්‌

ගිනිසීරියා ගස මුහුදු මට්‌ටමේ සිට මීටර 1,200 දක්‌වා ඕනෑම ප්‍රදේශයක හොඳින් වැවේ. ලෙහෙසියෙන් පැළවේ. ඉඩෝරයට ඔරොත්තු දෙයි. නිතර නිතර කප්පාදු කරන්න හැකියාව ඇත. වේගයෙන් නැවත නැවතත් ලියලයි. දරුණු රෝග හා පළිබෝධ උවදුරු ඇති නොවේ. පොත්තේ කටු නැති නිසා පාවිච්චියට ලෙහෙසියි. මෙම ප්‍රජා වන වගා සඳහා කදිම බෝගයකි.

වගා කරන හැටි

ගිනිසීරියා පැළ කරගන්න හරිම පහසුයි. සිටුවීම කළ යුත්තේ ඉතා හොඳින් මෝසම් වර්ෂාව ඇති කාලවලයි. අප්‍රේල්- ජූනි හෝ ඔක්‌තෝබර්- නොවැම්බර් කාලය වඩාත් සුදුසුයි. ප්‍රමාණවත් තෙතමනයක්‌ ඇති නම් වසරේ ඕනෑම කාලයක සිටුවිය හැකියි.

  • හොඳින් මේරූ ගිනිසීරියා කෝටු උස අඩි 4 ට පෙත්තට කපා, පහත කෙළවර ඇළ කැපුමක්‌- ඉහළ කෙළවර හරස්‌ කැපුමක්‌ වන පරිදි අලවංගුවකින් හදා ගන්නා වළක කෝටුව අඟල් 8 ක්‌ නැතිනම් ඇස්‌ තුනක්‌ පසෙන් යට වන සේ සිටුවා, දෙපසින් තද කළ යුතුයි.
  • බිජ මඟින් පැළ ලබා ගන්නේ බඳුන් ගත තවානක්‌ සකසා ගැනීමෙනි..

අක්‌කරයකට ගස්‌ කීයක්‌ද?

මුඩු ඉඩමක නම් ගස්‌ අතර පරතරය මීටර් 1 ක්‌ සහ පේළි අතර පරතරය මීටර් 2 ක්‌ ලෙස අක්‌කරයකට ගස්‌ 2000 ක්‌ සුදුසු වේ. පොල් වගාව යටතේ පොල් පේළියක්‌ හැර පේළියක්‌ ලෙස ගස්‌ 1000 ක්‌, සොල්ට්‌ වැටිවල- ගස්‌ 1500 ක්‌, ගෙවත්තක වැටට- ගස්‌ 600 ක්‌, සාමාන්‍ය වගා බිමක- අතර මැද වැටවල් කීපයක ගස්‌ 1800 ක්‌, තේ වත්තක- ගස්‌ 600 ක්‌, ගම්මිරිස්‌ වගාවක- ගස්‌ 600-700 ක්‌, වැනිලා වගාවක- ගස්‌ 900 කෝපි වගාවක- ගස්‌ 200 බුලත් වගාව- ගස්‌ 1200 ක්‌ සිටුවිය හැකියි.

කොළ හා දර සඳහා ගිනිසීරියා ගස්‌ කප්පාදු කිරීම

  • කප්පාදු උස මීටර 1 ත් 1.5 ත් අතර
  • පළමු අස්‌වැන්න සිටුවා මාස 12 කින්
  • කොළවලට නම් මාස 4 කට වරක්‌
  • දරට නම් මාස 12 කට වරක්‌

කොළවලින් පොහොර දඬුවලින් විදුලිය.

කුඹුරු අක්‌කරයකට අවශ්‍යතාවය- ගස්‌ 1,000 කි.

නයිට්‍රජන් පොහොර- කිලෝ 90 ක්‌, ගිනිසීරියා කොළ- කිලෝ 5,000-6,000 ක්‌ ලබාගත හැකිය. (ගස්‌ 100,000 ක්‌ අක්‌කර 100 ක ගමක්‌ සඳහා)

පොස්‌පරස්‌- පොහොර කිලෝ 20 (ගිනිසීරියා කොළ- කිලෝ 5,000 ක්‌)

පොටෑසියම්- පොහොර කිලෝ 20 (ගිනිසීරියා කොළ- කිලෝ 1,800 ක්‌) මඟින් සැපයේ.

කොළ යොදා සාදා ගන්නා කොම්පෝස්‌ට්‌ හෝ දියර පොහොර ඔබේ ඵලදාව වගේම ඔබේ පසුම්බියත් තර තරයි. ගිනිසීරියා වගාවෙන් හෙක්‌ටයාරයකට රු. 30,000 ක්‌ පමණ වසරකට අමතරව ලබා දෙන අතර රුපියල් 15,000 ක්‌ පමණ වටිනා පොහොර සපයා දෙයි.

ඉඩම් වටා ග්ලිරිසීඩියා වටා වැටක් සහ දැනට පවත්නා මුදල් භෝග සමග ග්ලිරිසීඩියා වගා කරන්න කුඩා තේ වතු හිමියන්, පෞද්ගලික වැවිලි, රාජ්ය වැවිලි, ආගමික ස්ථාන දිරිගන්වනවා බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිතාකරන්න.

හුඟක් පැතිවල ගිනිසීරියා වැඩියෙන්ම වවන්නෙ තේ ගස් අතර හිටවන සෙවන ශාකයක් විදියට. ගිනිසීරිය ගස් ඉතා ඉක්මනින් වැඩෙන නිසා සහ මුල් විශාල පෙදෙසක පැතිරෙන නිසා පෑවිල්ල කාලෙට වුනත් පොලොවෙ තෙතමනය රැඳෙනව. පොල් වතු වලත් යටිරෝපණයක් විදියට ගින්සීරියවවන්න පුළුවන්. වැටට ගිනිසීරියා ඉන්දුවම ඒක ජීව වැටක් (live fence) වෙනව. මාස හයෙන් හයට වගෙ ගිනිසීරිය දඬු කප්පාදු කරල, දඬු ටික දරටත්, කොළ ටික තේ ගස් යටටත් දානව. ගිනිසීරිය කොළ කියන්නෙ නයිට්‍රජන් බහුල පෝර කොටස් තියෙන දෙයක්ලුනේ.

ගිනිසීරිය කොළ පොඩි කරල, ගොම එක්ක දිය කරල ගත්තම හොඳ කාබනික පෝරක්. අනික ගිනිසීරිය කොළ කියන්නෙ එළුවන්ගෙ ප්‍රියතම කෑමක්. ජීව වායු ඒකක වල ඵලදායිතාවය වැඩි කරන්නත් ගිනිසීරිය කොළ පාවිච්චි කරනව. නිවෙස් වල දරට අමතරව ගිනිසීරියා දර භාවිතයෙන් පමණක් ක්‍රියාත්මක වෙන විදුලි බලාගාර තියෙනව ලංකාවෙ ප්‍රදේශ කිහිපයකම. ඒවාට දර සැපයීම අවට ප්‍රදේශවාසීන්ට අමතර ආදායමක් දෙන මගක්.

මෝරපු ගීන්සිරිය ගස් වල පිපෙනව ලස්සන මල් පොකුරු, උඩවැඩියා මල් වගේ. මේ මල් වලට කෘමි සතුන් විකර්ෂණය වෙනව කියල කියනව. ඉස්සර කාලෙ අපෙ කුස්සියෙ දුමේ ඉන්න දලියන්ව/ කැරපොත්තන්ව එලවන්න කරන්නෙ මේ ගිනිසීරිය මල් ටිකක් දුමට දාල තියන එක. නොමේරූ ගිනිසීරිය දණ්ඩක පිට පොත්ත අයින් කලාම එන සිහින් තෙත සුඹුල ටිකක් අළුත් තුවාලෙක තිව්වම තුවාලෙ ඉක්මනින්ම වියලෙනව.

උපුටාගැනීම්: වස විස නැති රටක් වැඩසටහනේ දත්ත. බයෝමාස් වෙබ් අඩවිය සහ රුවන් විජේමාන්න ගේ මුහුණු පොතෙන්.