පොදු ප්‍රවාහන, පුද්ගල දුරස්ථතා

Exit Strategy එක ප්‍රමුඛතාව විය යුතුයි, ලොක්ඩවුන් එකෙන් ලෝකය ඉවත්වෙන්න හදනව හැකි ඉක්මනින්ම. ජීවිත වගේම ජීවනක්‍රම පවා ආරක්ශා කලයුතුයි. It is a must we open for business as it’s not only saving lives, need saving livelihoods too.

අපිට පේන තෙක් මානෙක ප්‍රතිශක්තියක් නැහැ ඒ වගේම ඉන් එහාට ගිය ගැටලුවක් තියෙනවා වෛරසය නැවත වැළඳෙන බව සනාථ වීම මෙන්ම වෛරස විවිධ ප්‍රභේද (mutations) වලට පරිවර්තනය වනබව හඳුනාගැනීම මෙය ප්‍රතිශක්තියක්, එන්නතක් හෝ ප්‍රතිකාරයක් කරා යන ගමනට බාධකයක් බවට පත්වෙලා.

මේ තත්ත්වය lockdown එකෙන් ඉවත් වීම තවත් ඉක්මන් කිරීමට විශාල හේතුවක් වෙලා මුළු ලොවටම. විවිධ අන්දමේ උපාය මාර්ගික ක්‍රියාමාර්ග ලොව පුරාම දැන් ක්‍රියාවට නැංවෙනවා වෛරසය නැවත නැවත මතු වීමට ඇති ඉඩකඩ නිසාම.

Advertisements

ඵලදායීතා වැඩිවීම

එමෙන්ම ලොව ඇතැම් ආයතන වෛරසය වාසනාවක් කරගෙන. බොහෝ නිෂ්පාදන ආයතන වලට පෙනී ගිහින් සේවක සංඛ්‍යාව තුනෙන් එකක් වුනත් නිෂ්පාදන සහ ආයතනික කටයුතු සියයට 70 දක්වා පමණක් තරම්ම ඉහළ නංවා ඇති බව. එනම් ඵලදායිතාව 30% සිට 40% පමණ ප්‍රමාණයකින් ඉහළ ගිහින්. lockdown එකෙන් බොහෝදුරට ඉවත් වෙලා වෛරසය එක්ක ජීවත් වෙනවා.

ඇතැම් ආයතන දැන්මම කල්පනාකරනව අනාගතයේ සේවක අතිරික්තයක් ඇතිවෙයිද කියල, ඵලදායීතාවයේ සහ කාර්යක්ෂමතාවයේ ඉහළයාම මත.

ලංකාව තවම ලොක්ඩවුන්

ලංකාවත් දෙවරක් ම උත්සාහ කරා ලොක්ඩවුන් එකෙන් ඉවත් වෙන්න. නමුත් ඒ ක්‍රියාමාර්ග අතහැර දාන්න සිදු වුණා, විශේෂයෙන්ම පුද්ගල දුරස්ථකරණය ඇතිවූ ගැටළු නිසාවෙන්. හැමදෙනාම මාස්ක් පාවිච්චි කලත් එයින් බොහෝවිට නැති ආරක්ෂාවක් නිරූපණය වෙනවා. ලොවපුරාම දැනට වඩාත් සාර්ථකම ක්‍රමවේදය වන්නේ පුද්ගල දුරස්ථකරණය සහ දෑත් පිරිසිදු කිරීමයි.

ලංකාවත් exit strategy එකක් සඳහා විවිධ ක්‍රමවේද හඳුන්වලා දුන්න. සේවක කාර්ය මණ්ඩල අඩු කිරීමේ සිට නිවසින් පිටතට යා හැකි දින ගණන් වෙන් කර දීම තුළින් පවා.

පොදු ප්‍රවාහන ගැටළු

මේ සම්බන්ධයෙන් ලංකාවේදී මතුවුණ විශාලතම ගැටලූව වුණේ පොදු ප්‍රවාහනයේදී යම් ක්‍රියා මාර්ග රජය මගින් හඳුන්වලා දුන්නත් අපේ රටේ පවතින දුර්වල පොදු ප්‍රවාහන පද්ධතිය උඩ ඒකත් සාර්ථක වුණේ නෑ. ඇත්තටම කිව්වොත් ඉතාමත් හොඳ පොදු ප්‍රවාහන පද්ධතීන් තියෙන යුරෝපයේ සහ ඇමරිකාවේ පවා මේ ප්‍රශ්ණය එහෙමමයි.

ඔවුන් මේ සඳහා ගත්තු ක්‍රියාමාර්ගය පාපැදිය සහ පාගමන. ඇමරිකාව යුරෝපය පමණක් නොවෙයි ආසියාව අප්‍රිකාව පවා මේ ක්‍රම දැන් අනුගමනයට පෙළඹුණා. ඇතැම් රටවල් එක රැයින් දැනට පවතින මහා මාර්ග පාපැදි මංතීරු බවට පරිවර්තනය කළා.

නිව්යෝර්ක් නගරය තුල පමණක් කිලෝමීටර් 120 ක මහා මාර්ග පාපැදි සඳහා පමණක් වෙන් වුණා. ජර්මනිය ඉන්දුනීසියාව රුවන්ඩාව කෙන්යාව සහ බොහෝ යුරෝපීය රටවල් බොහෝ මහාමාර්ග පාපැදි මංතීරු බව වලට වෙන් කළා.

මේකට තවත් විශාලතම හේතුවක් වුණා දූශිත වායු corona ආසාදනය සහ මරණ ප්‍රතිශතය ඉහළ නැංවීමට හේතු වූ බව විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙළි වීම. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ කරපු පර්යේෂණයකදී මේ බව සනාථ වෙලා තියෙනවා.

එමෙන්ම අපි දැන් අත්විඳිනවා පිරිසුදු වායුව, පිරිසුදු නගර කොච්චර සුවදායකද යන බව. ඉතින් මේ අලුතින් බිහිවන එක රැයින් ඉදිවෙන පාපැදි මංතීරු පවා ඔවුන් හදන්නේ දිගටම පවත්වාගෙන යන්න, නාගරික තදබදය පවා වැළැක්වීමේ ප්‍රධාන ක්‍රමවේදයක් විදිහට.

වෙන රටවල් වල වායු දූෂණය වන ප්‍රධාන ක්‍රමය වන pm-25 මැනීමට නීති තිබුණත් ලංකාවේ වාහන වලින් පිටවන අංශු පදාර්ථ ප්‍රමාණය මැනෙන්නේ නෑ මේක රටේ ජනතාවගේ සෞඛ්‍යයටත් විශාල තර්ජනයක් වෙලා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශන වල අඩංගු වුණා නගරයට ඇතුල් වෙන කොරිඩෝ හයකින් නගරය තුළට පාපැදි මංතීරු ඉදිකිරීම. මෙය ඉතාමත් අඩු වියදමකින් ඉඩම් පවරා ගැනීම් වැනි විශාල ගැටළු නැතුව කල හැකි දෙයක්. එමෙන්ම ඒවා ඉතා කෙටි කාල සීමාවක දී ඉදිකළ හැකි දැනට පවතින ඇළමාර්ග ගංගා දුම්රිය මාර්ග සහ උද්‍යාන තුළින්.

එමෙන්ම දැනට පවතින මහා මාර්ග වලින් යම්කිසි කොටසක් කෙටිකාලීනව හෝ පාපැදි සඳහා වෙන් කිරීමෙන් පුද්ගල දුරස්ථකරණයෙ දැනට ඇති විශාලම ගැටලුව විසඳාගත හැකි වෙයි.

බොහෝ යුරෝපීය රටවල් අවුරුදු ගණනාවක සිට පාපැදිය ප්‍රචලිත කරමින් ආවා නාගරික තදබදයට විසඳුමක් විදිහට. දැන් ඔවුන් ඒවායේ ප්‍රතිඵල අන් අයට වඩා ඉක්මනින් අත්විඳිනවා. ඊට අමතරව තාවකාලිකව වෙන් කළ මාර්ග පවා දැන් ඔවුන් පාපැදිය වෙනුවෙන් ස්ථාවරව වෙන් කරන්න පියවර අරං.

micro mobility methods

ලෝකයේ මේ ප්‍රවණතාවය හැඳින්වෙන්නේ micro mobility විදිහට අපේ වගේ ප්‍රබල නායකත්වයක් ඇති රටක රටක මේක ලේසියෙන්ම පවතින යටිතල පහසුකම් මත ඉතා කෙටි කලකදී ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. වසංගතයට විසඳුමක් විදියට පමණක් නෙවෙයි දැනට වාර්ෂිකව  සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරන රුපියල් බිලියන 800 පවා ඉතුරු කරගන්න ගමන්. 

එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකේම කාර්යක්ෂමතාව සහ ඵලදායිතාවය අතිශයින් ඉහළ නැංවිය හැකිවෙයි. දැනටමත් අපි ගණන් බලා තිබෙනවා නාගරික තදබදය නිසා රටට වෙන ආර්ථික හානිය තිස් වසරක යුද්ධයේ වියදමට වඩා වැඩි බව.

තව කියවන්න : https://evrev.lk/2020/04/17/post-pandemic-urban-mobility/

වායු දුෂණය කොහොමද කොරෝනා සංකුලතා සහ මරණ වැඩිකරන්නේ යන්න මෙතනින්. https://evrev.lk/2020/04/10/air-pollution-causes-covid-deaths/